Last Update  :  2025-12-29 15:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රන්දේව් ඡන්ද 3042 යි

රන්දේව් ඡන්ද 3042 යි

ශනුක අරවින්ද - 2014 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ තෙවැනි සතිය නිමාවන විට කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ, මේ සතිය තුළදී ලබාගත් ඡන්ද 1843 සමගින් මුළු ඡන්ද 3042 ලබාගෙන තම ස්ථානය තවදුරටත් රැකගැනීමට සමත්වී ඇත. පානදුර රාජකීය විද්‍යාලයේ අකිල ලක්ෂාන් ඡන්ද 1940 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර නිමාවූ සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡුන්ද සංඛ්‍යාව 847 කි.

ඔවුන් දෙදෙනාට අමතරව කඳාන ද මැසිනොද් විද්‍යාලයේ ලහිරු වික‍්‍රමසිංහ සහ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ ඒ. කේ. ටිරෝන් පිළිවෙලන් ඡන්ද 428 ක් සහ 406 ක් බැගින් ලබාගෙන සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගැනීමට සමත්ව සිටිති.

නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ලහිරු, මේ සතිය තුළදී ඡන්ද 233 ක් ලබාගෙන තම ඡන්ද සංඛ්‍යාව 647 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්වී තිබේ. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ඡන්ද 319 ක් ලබා සිටින පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ලහිරු විමුක්තිට හිමිවී තිබේන අතර මේ සතිය තුළදී ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 74 කි.

අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණිමට ඡන්ද 1920 ක් ලබාසිටින ලේටන් පාර්ක් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි සමත්වී තිබේ.

ඉකුත් සතිය නිමා වනවිට එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවූ රසාංජන, මේ සතිය තුළදී ලබාගත් ඡන්ද 984 සමග පළමු ස්ථානයේ රැදීසිටි නුගේගොඩ ලයිසියම් විදුහලේ රොමේෂ් මධුෂාන් දෙවැනි ස්ථානයට ඇද දමමින් ඉදිරියට පැමිණ තිබේ.

මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශනවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා පාසල ඡන්ද
ධනුෂ්ක ළහිරු කොළඹ රාජකීය විදුහල 3042
අකිල ලක්ෂාන් පානදුර රාජකීය විදුහල 1940
ලහිරු වික‍්‍රමසිංහ කඳාන ද මැසිනොද් විදුහල 428
ඒ. කේ. ටිරෝන් ගාල්ල රිච්මන්ඞ් විදුහල 406
රවීන් සේයර් මහනුවර ති‍්‍රත්ව විදුහල 402
නිමේෂ් ගුණසිංහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල 390
පි‍්‍රයමාල් පෙරේරා කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 381
කුසල් මෙන්ඩිස් මොරටුව වේල්ස්කුමර විදුහල 321
සධීර සමරවික‍්‍රම කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 256
යශාන් සමරසිංහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 209
තිමිල විද්‍යාසේකර කොළඹ ඞී. එස්. සේනානායක විදුහල 195
මින්හාජ් ජලීල් තර්ස්ටන් විදුහල 158
ශෙහාන් වීරසිංහ කොළඹ සහිරා විදුහල 151
සල්මන් ෆසීල් කොළඹ සහිරා විදුහල 142
දිනෙත් ලංකා ධර්මරාජ විදුහල 142
දිලංක සඳසේකර කොළඹ ආනන්ද විදුහල 133
තිලක්ෂ සුමනසිරි ගල්කිස්ස සා. තෝමස් විදුහල 133
චතුරංග රාජපක්ෂ මීගමුව මාරිස්ටෙලා විදුහල 129
දේවින් පත්මනාතන් කොළඹ රාජකීය විදුහල 88

නැගී එන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා පාසල ඡන්ද
ධනුෂ්ක ළහිරු ගාල්ල විද්‍යාලෝක විදුහල 647
ළහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 319
හර්ෂ රාජපක්ෂ මාතර රාහුල විදුහල 124
කළණ හසරංග මාතර රාහුල විදුහල 130
ලසිත ලක්ෂාන් මාතර ශාන්ත තෝමස් විදුහල 110

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා පාසල ඡන්ද
රසාංජන මල්ලිකාරච්චි නුගේගොඩ ලයිසියම් විදුහල 1920
රොමේෂ් මධුෂාන් ලේටන් පාර්ක් විදුහල 1837
ෆර්සත් ෆාසල් කොළඹ ගේට්වේ විදුහල 87

 

- 036


අදහස් (0)

රන්දේව් ඡන්ද 3042 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.