(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයක් ලැබීමට රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද ජාතික පාසල සමත්විය.
රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 29 කට සීමා කිරීමට ශ්‍රී ප්‍රඥානන්ද ජාතික පාසල් පිල සමත් විය. ශ්‍රී ප්‍රඥානන්ද ජාතික පාසල් පිල ඊට පිළිතුරු ලෙසින් ලකුණු 116ක් රැස් කළේය.
මීගමුව ශාන්ත පීතර විද්‍යාලය තම දෙවැනි ඉනිමට ලකුණු 135ක් රැස් කළ අතර රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද ජාතික පාසල තම දෙවැනි ඉනිමට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 53ක් රැස් කරමින් කඩුලු 9ක ජයක් ලැබීය.
මීගමුව ශාන්ත පීතර විද්‍යාලය - පළමු ඉනිම - 29 යි
(ජී.කේ. දිල්මෙත් 10/4, යසිත් ද සිල්වා 1/02, මිනුක මින්සර 13/2 )
රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද ජාතික පාසල - පළමු ඉනිම 116 යි
(රන්දීෂ ප්‍රනාන්දු 36, ජී.කේ. දිල්මෙත් 32, නිර්මාල් දින්සර 40/5, අබ්දුල් රහුමාන් 19/2, නිළුක්ෂ අප්පුහාමි 23/2)
මීගමුව ශාන්ත පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම -135 යි
(මිනරු තිසේරා 35, ඉෂාන් කෘස්පුල්ලේ 35, ඩී. එච්. හිමාල් 26/4, හදිඳු දිනෙත් 35/3, ජී.කේ. දිල්මෙත් 46/2)
රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද ජාතික පාසල - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 53 යි
(ඒ. චනුජ 37 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.