ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට හොඳින් දක්ෂතා නොදක්වන නමුත් රටක් වශයෙන් ඔවුන් හා සිටිය යුතු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප‍්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ 18 වැනිදා පැවැති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නිල පුද්ගලික සත්කාරක නිශ්පාදන සහකාර වශයෙන් බ්ලැක් නයිට් එක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදීය. එසේම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට හොද විනයක් තිබෙන බවත් ආචාරධර්ම ආරක්ෂා කිරීමට ක‍්‍රිකට් ආයතනය කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
"ක‍්‍රීඩකයින්ගේ ජීවන රටාව තරමක් තියුණුයි. ඔවුන් හොඳින් පුහුණු වෙනවා. හොඳින් වැඩ කරනවා. මේ අවස්ථාවේ ඔවුන් හොඳින් දක්ෂතා දක්වන්නේ නෑ. නමුත් රටක් ලෙස මේ අවස්ථාවේ ඔවුන්ට උදව් කළ යුතුයි. අපි උපරිම අයුරින් ආචාරධර්ම ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ගැන අපි ආඩම්බර විය යුතුයි. ඔවුන් හොඳින් හැසිරෙනවා.” යැයි පවසා සිටියේ ය.
මෙම අවස්ථාව සදහා ඉන්ටර්නැෂනල් කොස්මෙටික් සමාගමේ සමූහ අධ්‍යක්ෂ කිරුභා කුලසිංහ, කැපිටල් මහාරාජා සමාගමේ සමූහ අධ්‍යක්ෂ මොහාන් භරාරා, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ආලෙවි හා සංනිවේදන ප‍්‍රධානී වජිර දසනායක ඇතුළු මහත්වරු පිරිසක් සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.