‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) අවසන් සතිය ආරම්භ වන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස් සිය මුලූ ඡන්ද සංඛ්‍යාව 15,306 ක් දක්වා වර්ධනය කරගෙන තිබේ. ගෙවී ගිය සතිය තුළදී තවත් ඡන්ද 1401 ක් සිය මුලූ ඡන්ද සංඛ්‍යාවට එක් කරගැනිමට ඔහු සමත් වී ඇත.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස්ගේ මුලූ ඡන්ද සංඛ්‍යාව 12,701 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහුට ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 737 ක් පමණි. ඒ අනුව ඔහු යොහාන් මෙන්ඩිස්ට වඩා ඡන්ද 2605 ක් පසුපසින් සිටියි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද අන්තර්ගතවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ජූනි මස 16 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අවසන් වරට කූපන්පත් පළවන්නේ ජූනි 12 වැනිදා පුවත්පත්වලය.
ලංකාදීප පත්‍රයේ අද (10 වැනිදා) පළවූ ඡන්ද ප්‍රතිඵල ලයිස්තුවේ පවන් ඩයස්ට ඡන්ද 15,306 ක් ලෙසත් යොහාන් මෙන්ඩිස්ට ඡන්ද 13,701 ක් ලෙසත් පළවී තිබුණේ ප්‍රමාද දෝෂයකිනි. අවසන් සතිය ආරම්භ වන විට දෙදෙනා ලබාගත් නිවැරදි ඡන්ද සංඛ්‍යාවන් විය යුත්තේ යොහාන් මෙන්ඩිස්ට ඡන්ද 15,306 ක් සහ පවන් ඩයස්ට ඡන්ද 12,701 ක් වශයෙනි.
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| යොහාන් මෙන්ඩිස් | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 15306 |
| පවන් ඩයස් | පානදුර රාජකීය විදුහල | 12701 |
| ළහිරු තඹවිට | කළුතර සිරිකුරුස විදුහල | 7448 |
| ලක්ෂිණ රුද්රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 1814 |
| රවින් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 518 |
| මල්ෂාන් රොද්‍රිගූ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 305 |
| කෙවින් පෙරේරා | මීගමුව මාරිස්ටෙලා විදුහල | 256 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 193 |
| ගීතාල් ප්‍රනාන්දු | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 168 |
| සචින්ද ගමාධිකාරි | මීගමුව මාරිස්ටෙලා විදුහල | 104 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මාධව ප්‍රනාන්දු | මෝදර ද ලාසාල් විදුහල | 2630 |
| දිල්ෂාන් මධුෂංක | පාදුක්ක සිරි පියරතන විදුහල | 104 |
| රියාස් රිස්වි | අකුරණ අසාර් විදුහල | 2 |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.