Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ලීග ශූරතාව බස්නාහිර උතුරට

යොවුන් ලීග ශූරතාව බස්නාහිර උතුරට

editorial - 2025 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස 17 න් පහළ යොවුන් ලීග ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ උතුර කණ්ඩායම අද (29 වැනිදා) සමත් විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව බස්නාහිර දකුණ කණ්ඩායමට එරෙහිව ලකුණු 33 ක ජයක් වාර්තා කරමින් බස්නාහිර උතුර ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. 

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය කොළඹ දකුණ කණ්ඩායමට කොළඹ උතුර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 26.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. එහිදී මිනුග නෙත්සර ලකුණු 37 කට කඩුලු 4 ක් දවාගත් අතර ළහිරු ලක්මාල් ලකුණු 26 කට කඩුලු 3 ක් බිඳහෙළීය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ උතුර කණ්ඩායම ඕවර 36.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 164 ක් ලබාගත් අතර කොළඹ උතුර ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වූ සන්තුල් විජේරත්න පන්දු 74 කදී ලකුණු 59 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. මිහින් සොයිසා (20) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සන්තුල් සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කොළඹ දකුණු කණ්ඩායමේ රූසඳ සිල්වා නිලකුණු ඕවරයක් සමග ඕවර 7 ක් යවමින් ලකුණු 16 කට කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය. ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 25 කට කඩුලු 2 ක්ද, ෂෙහඳු සූරියාරච්චි ලකුණු 31 කට කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

කොළඹ උතුර පිල - ඕවර 36.5 සියලු දෙනා දැවී 164 
(සන්තුල් විජේරත්න 59, මිහින් සොයිසා 20, ලිතුම් සෙනුජ 15, ළහිරු ලක්මාල් 27, රූසඳු සිල්වා 16/4, ගිම්හාන් මෙන්ඩිස් 25/2, ෂෙහඳු සූරියාරච්චි 31/2) 

කොළඹ දකුණ පිල - ඕවර 26.4 සියලු දෙනා දැවී 133
(හිරුන් මතීෂ 15, රෙහාන් පීරිස් 37, සීමන් අනුහස් 28, හිමරු දේෂාන් 15, මිනුග නෙත්සර 37/4, ළහිරු ලක්මාල් 26/3, ශවීන් පෙරේරා 09/2) 


අදහස් (0)

යොවුන් ලීග ශූරතාව බස්නාහිර උතුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.