Last Update  :  2025-07-04 19:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යෙවින් අතුකෝරලගෙන් කඩුලු 5 ක්

යෙවින් අතුකෝරලගෙන් කඩුලු 5 ක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කැළණිය ගුරුකුල විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ශාන්ත ජෝසප් විදුහලේ පීටර්සන් ලියෝන් (57) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර යෙවින් අතුකෝරල ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා. ජෝසප් විදුහල - පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 7 ක් දැවී  218
(පීටර්සන් ලියෝන් 57, යෙවින් අතුකෝරාල 35, ශෙවන් ඩැනියල් 33, හිරාන් ජයසුන්දර නොදැවී 26, ගඟන චමෝද් 26, හරිඳු ලංසර 49/3)

ගුරුකුල විදුහල - පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී 93
(තේජින් හංසක 17, යෙවින් අතුකෝරල 22/5, ගඟන චමෝද් 16/2, ශෙනුක සේරසිංහ 16/2)

ශා. ජෝසප් විදුහල - දෙවන ඉනිම - ඕවර 18 කදී කඩුලු 6 ක් දැවී  108
(ශෙවොන් ඩැනියල් 36, හිරාන් ජයසුන්දර නොදැවී 27, හරිඳු ඉන්දුසක 35/2, ප්‍රසාද් කුමාර 19/2)

 


අදහස් (0)

යෙවින් අතුකෝරලගෙන් කඩුලු 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.