Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යුද හමුදා ක‍්‍රීඩකයෝ සී. සී. සී. පරදවති

යුද හමුදා ක‍්‍රීඩකයෝ සී. සී. සී. පරදවති

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2013/2014) දෙවැනි සතිය යටතේ අද (26) අවසන් වූ තරගවලදී කොළඹ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක් වන සී. සී. සී. පිල කඩුලූ 2 කින් පරාජය කිරීමට යුද හමුදා පිල සමත් විය. තරගය දින දෙකකින් නිම කරමින් බදුරලිය පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 65 ක පහසු ජයක් ලබාගැනීමට මුවර්ස් පිල සමත් විය.

සෙසු තරගවලදී වරාය අධිකාරි පිල විසින් කඩුලූ 10 කින් පානදුර ක‍්‍රීඩා සමාජය ද, එන්. සී. සී. පිල විසින් ඉනිමකින් සහ ලකුණු 39 කින් ගුවන් හමුදා පිල ද, පරාජය කරන ලදී.

මෙහිදී යුද හමුදා පිල මේට්ලන්ඞ් පෙදෙස සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදීම සත්කාරක සී. සී. සී. පිල පරාජය කිරීම කැපී පෙනුණි. ප‍්‍රබල සී. සී. සී. පිලට ජාතික කණ්ඩායම නියෝජනය කළ චාමර සිල්වා, ඉන්දික ද සේරම්, හසන්ත ප‍්‍රනාන්දු සහ ගයාන් විජේකෝන් ඇතුළත්ව සිටියද තරගය ආරක්‍ෂා කර ගැනීමට නොහැකි විය.

යුද හමුදා පිලට ජාතික කණ්ඩායම නියෝජනය කරන පා දඟ පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න ක‍්‍රීඩා කළේය.

එන්. සී. සී. පිලේ ඇන්ජලෝ පෙරේරා (244) සහ වරාය අධිකාරි පිලේ ගයාෂාන් වීරසේකර (217) දෙවැනි සතියේ ද්විත්ව ශතක රැස්කිරීමට සමත් වූහ.

මුවර්ස් පිලේ වමතින් පා දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් බදුරලිය පිලේ ඉනිම දෙකේදී ලකුණු 120 කට කඩුලූ 10 ක් දවා ගනිමින් සතියේ පන්දු යවන්නා බවට පත්විය.


සී. සී. සී. ක‍්‍රීඩාගංණයේදී  යුද හමුදා පිලට කඩුලූ 2 ක ජයක්

සී. සී. සී. පිල පළමු ඉනිම 173 (ඉන්දික සේරම් 40, හසන්ත ප‍්‍රනාන්දු 20, අරෝෂ් ජනෝද 32, චතුර දමිත් 50/4, සීකුගේ ප‍්‍රසන්න 48/3) සහ දෙවැනි ඉනිම 307 (අමල් ඇතුළත්මුදලි 66, මධුක ලියනපතිරණ 33, ඉන්දික ද සේරම් 48, චාමර සිල්වා 62, හසන්ත ප‍්‍රනාන්දු 22, අරෝෂ් ජනෝද 20, ලක්‍ෂාන් රංගික 23, සීකුගේ ප‍්‍රසන්න 127/5, රවින්ද්‍ර පල්ලියගුරු 56/4)

යුද හමුදා පිල පළමු ඉනිම 228 (රිෂාන් කාවිංග 23, මොහොමඞ් ෆෙෂාල් 38, අසේල ගුණරත්න 54, චතුර දමිත් 30, ජනිත් සිල්වා නොදැවී 25, අරෝෂ් ජනෝද 39/2, ලක්‍ෂාන් රංගික 78/7) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 253 (රිෂාන් කාවිංග 39, මොහොමඞ් ෆෙෂාල් 26, අසේල ගුණරත්න 73, සීකුගේ ප‍්‍රසන්න 71, අරෝෂ් ජනෝද 41/3, ලක්‍ෂාන් රංගික 83/2, මධුක ලියනපතිරණ 60/2)


එන්. සී. සී. ක‍්‍රීඩාගංණයේදී  එන්. සී. සී. පිලට ඉනිමක සහ ලකුණු 39 ක ජයක්

ගුවන් හමුදා පිල පළමු ඉනිම 196 (ටී. නදීර 31, සජිත් කැළුම්ප‍්‍රිය 32, යශෝධ ලංකා 45, අචිර එරංග 25, අජිත් කුමාර 27, සොහාන් බොරලැස්ස 37/4, දුෂ්මන්ත චාමිකර 31/3) සහ දෙවැනි ඉනිම 317 (සජිත් කැළුම්ප‍්‍රිය 100, දුෂාන් විමුක්ති 59, ළහිරු ශ්‍රී ලක්මාල් 46, අචිර එරංග 59, සොහාන් බොරලැස්ස 108/3, තරිදු කෞෂාල් 91/6)

එන්. සී. සී. පිල පළමු ඉනිම කඩුලූ 6 ට 552 (නිරෝෂන් දික්වැල්ල 35, උපුල් තරංග 24, ජෙහාන් මුබාරක් 164, ඇන්ජලෝ පෙරේරා 244, ෆර්විෂ් මහරුෆ් නොදැවී 29, තරි`දු කෞෂාල් නොදැවී 21, දුෂාන් විමුක්ති 113/3)


පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී  වරාය අධිකාරි පිලට කඩුලූ 10 ක ජයක්
වරාය අධිකාරි පිල පළමු ඉනිම කඩුලූ 9 ට 423 (ගයාෂාන් වීරසේකර 217, සචිත‍්‍ර සේරසිංහ 100, ගයාන් මනීෂාන් 60, ගයාන් සිරිසෝම 88/4, ජූලියන් ද සිල්වා 52/2) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 18

පානදුර ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 180 (රජීව් වීරසිංහ 45, චරිත බුද්ධික 31, ජූලියන් ද සිල්වා 33, චමින්ද බණ්ඩාර 50/2, ඉසුරු උදාන 61/4, ටිරෝන් ගමගේ 11/2) සහ දෙවැනි ඉනිම 258 (සෂේන් ප‍්‍රනාන්දු 54, රජීව් වීරසිංහ 27, අමිල වෙත්තසිංහ 28, මලිත් චතුරංග 37, කොෂාන් ධනුෂ්ක නොදැවී 25, චමින්ද බණ්ඩාර 64/4, ටිරෝන් ගමගේ 52/2, චානක කොමසාරු 33/2)


මුවර්ස් ක‍්‍රීඩාගංණයේදී  මුවර්ස් පිලට ඉනිමක සහ ලකුණු 65 ක ජයක්

මුවර්ස් පිල පළමු ඉනිම කඩුලූ 9 ට 420 (ඉෂාම් ගවුස් 27,  ඕෂද ප‍්‍රනාන්දු 35, ජනක ගුණරත්න 147, දිල්හාර ලොකුහෙට්ටිගේ 56, රම්රාෂ් රාෆී 26, සුරේෂ් නිරෝෂාන් නොදැවී 50, තිලාන් තුෂාර 90/4, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 94/3)

බදුරලිය පිල පළමු ඉනිම 149 (ග්‍රෙග් ස්මිත් 34, මයිකල් රිචඞ්සන් 36, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 34, දිල්හාර ලොකුහෙට්ටිගේ 40/2, මාලින්ද පුෂ්පකුමාර 52/4, ඉරෝෂ් සමරසූරිය 24/2) සහ දෙවැනි ඉනිම 206 (මයිකල් රිචඞ්සන් නොදැවී 99, රනිල් ධම්මික 27, තිලාන් තුෂාර 42, මාලින්ද පුෂ්පකුමාර 68/6, ජනක ගුණරත්න 27/2)


එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී එස්. එස්. සී. පිලට පළමු ඉනිමේ ජයක්

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම 208 (කාංචන ගුණවර්ධන 40, සහන් විජේරත්න 24, උමේෂ් කරුණාරත්න 29, රෝහිත් ධමෝදරන් 26, විදුර අධිකාරි 24, ධම්මික ප‍්‍රසාද් 48/2, සචිත‍්‍ර සේනානායක 34/2, දිල්හාර ප‍්‍රනාන්දු 59/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 302 (ගීත් අල්විස් 21, ශෂ්රීක පුස්සගොල්ල 35, ගීත් කුමාර 21, සහන් විජේරත්න 77, සාලිය සමන් නොදැවී 88, සචිත‍්‍ර සේනානායක 95/6)

එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 8 ට 264 (විශ්ව විජේරත්න නොදැවී 116, දසුන් ශානක 26, ධම්මික ප‍්‍රසාද් 28, සාලිය සමන් 30/3, ළහිරු ගමගේ 82/2, උමේෂ් කරුණාරත්න 82/2)


පී. සරවනමුත්තු ක‍්‍රීඩාගංණයේදී  රාගම ක‍්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයක්

රාගම ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 384 (නිලූෂාන් නෝනිස් 62, ඉයන් ඩැනියල් 142, සමීර සොයිසා 40, මාලිංග බණ්ඩාර 37, චරිත් ප‍්‍රනාන්දු 24, නිසල තාරක 73/2, තිනෙත් මනිෂ්ක 62/3, ජීවන් මෙන්ඩිස් 77/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 150 (මයිකල් වැන්ඩොට් 31, මාලිංග බණ්ඩාර නොදැවී 35, අලංකාර අසංක 29, නිසල් තාරක 36/4, තිලකරත්න සම්පත් 45/2)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 325 (පබසර වඩුගේ 99, තිලකරත්න සම්පත් 21, ජීවන් මෙන්ඩිස් 118, දෙනුවන් රාජකරුණා 23, සජීව වීරකෝන් 96/3, මාලිංග බණ්ඩාර 57/6)

 


අදහස් (0)

යුද හමුදා ක‍්‍රීඩකයෝ සී. සී. සී. පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.