ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවති තරගයකදී රාගම ක‍්‍රීඩා සමාජය පරදවා ලකුණු 40 කින් ජය ගැනීමට යුධ හමුදා පිල සමත්විය. මෙම තරගය පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රාගම පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට යුද හමුදා පිලට ආරාධනා කළ අතර ඕවර 50 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 236 ක් පමණි. මංජුල ද සොයිසා (72) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.
ලකුණු 237 ක ඉලක්කයක් හඹාගිය රාගම ක‍්‍රීඩා සමාජය ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 196 ක් පමණි. රාගම ක‍්‍රීඩා සමාජය එරෙහිව ලකුණු 20 කට කඩුලූ 4ක් දවා ගනිමින් මංජුල ද සොයිසා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
යුද හමුදා පිල ඕවර 50 කදී සියලූ දෙනා දැවී 236
(මංජුල ද සොයිසා 72, අසේල ගුණරත්න 33, ළහිරු ජයරත්න 44/4, නිලංක පේ‍්‍රමරත්න 58/3, අලංකාර අසංක 23/2)
රාගම ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 196
(ළහිරු ජයරත්න නොදැවී 42, ධනංජය ද සිල්වා 41, සමීර සොයිසා 40, මංජුල ද සොයිසා 20/4, ලැසී තාබ‍්‍රෘ 58/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.