යාපනයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් යාපනය හින්දු විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 189 ක ජයක් වාර්තා කිරීමට යාපනය ශාන්ත ජෝන් විදුහල සමත්විය.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා හින්දු විදුහලට ලකුණු 232 ක් රැුස්කිරීමට සිදුවුවත් සියලූදෙනා දැවී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 42 ක් පමණි.
මහාලිංගම් නිලූජන් ලකුණු 39 කට කඩුලූ 8 ක් දවාගනිමින් හින්දු විදුහලේ පිතිකරුවන් අසරණ කළේය. රවීන්ද්‍රන් ලොහතීෂ්වරන් ලකුණු 31 කට කඩුලූ 6 ක් දවාගනිමින් තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා මහාලිංගම්ට අනගි සහයක් දුන්නේය.
හින්දු විදුහල - පළමු ඉනිම - ඕවර 37.3 කදී සියලූදෙනා දැවී 104
(මහාලිංගම් නිලූජන් 20/3, ඊබ‍්‍රහම් අනෝජන් 17/2, රවීන්ද්‍රන් ලොහතීෂ්වරන් 22/2, ආරුලන්තම් ගනමිර්තන් 24/2)
ශාන්ත ජෝන් විදුහල - පළමු ඉනිම - ඕවර 60 කදී සියලූදෙනා දැවී 335
(ආරුලන්තම් ගනමිර්තන් 90, පරමනාතන් තුවරකසීලන් 79, රාජාරිප‍්‍රිය පි‍්‍රයශංකර් 56)
හින්දු විදුහල - දෙවැනි ඉනිම - ඕවර 16.2 කදී සියලූදෙනා දැවී 42
(මහාලිංගම් නිලූජන් 19/5, රවීන්ද්‍රන් ලොහතීෂ්වරන් 9/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.