Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය එ්කාබද්ධ පාසල් කි‍්‍රකට් පිලට ජය

යාපනය එ්කාබද්ධ පාසල් කි‍්‍රකට් පිලට ජය

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය එ්කාබද්ධ පාසල් කි‍්‍රකට් කණ්ඩායම හා  ඕස්ටේ‍්‍රලියාවේ යාරා වැලි කි‍්‍රකට් කණ්ඩායම අතර පසුගියදා යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රිකට් පිටියේදී පැවති විස්සයි20 තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට යාපනය එ්කාබද්ධ පාසල් කි‍්‍රකට් කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇලන් රාජ්ගේ නායකත්වයෙන් යුත් යාපනය එ්කාබද්ධ පාසල් කණ්ඩායම  ඕවර 20 අවසානයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 183 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ටයිසන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත්  ඕස්ටේ‍්‍රලියන් කණ්ඩායමට  ඕවර 13 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 53 ක් පමණි.

යාපනය මධ්‍ය මහා විද්‍යාලය, යාපනය හින්දු විද්‍යාලය, ශාන්ත ජෝන් විද්‍යාලය, ශාන්ත පැට්ටි‍්‍රක් විද්‍යාලය, පේදුරුතුඩුව හාර්ට්ලි විද්‍යාලය හා චුන්නාකම් ස්කන්ධවරෝඩෙයි යන විද්‍යාල වල කී‍්‍රඩකයන්ගෙන් යාපනය එ්කාබද්ධ කණ්ඩායම සමන්විත විය. හින්දු විද්‍යාලයේ ආර්. කජනන් තරගයේ දක්ෂතම පිතිකරු ලෙසත්, ස්කන්ධවරෝඩෙයි විද්‍යාලයේ ආර්. කඩෝලියන් දක්ෂතම පන්දුයවන්නා ලෙසත් සම්මාන දිනාගත් අතර   ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ලොච්යි සිනෙට් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ජයග‍්‍රාහී කණ්ඩායම මෙන්ම අනෙක් කණ්ඩායමද යාපනය ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහතා හා පැමිණ සිටි ප‍්‍රභූන් අතින් කුසලාන, පදක්කම් හා වටිනා ත්‍යාග ලබාගත්හ.

1972 වර්ෂයේ  ඕස්ටේ‍්‍රලියානු පාසල් කණ්ඩායමක් හා යාපනයේ එ්කාබද්ධ පාසල් කණ්ඩායමක් අතර මෙම කී‍්‍රඩාපිටියේදී පැවති සුහද කි‍්‍රකට් තරගය යාපනයේ වැඩිහිටි කි‍්‍රකට් ලෝලීන් හට මතකයට ගෙන එ්මට මෙම අවස්ථාව සමත්විය.

එම තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ පසුව ජාත්‍යන්තර කි‍්‍රකට් තරුවක් වූ ඇලන් බෝර්ඩර් මහතාය. යාපනය හින්දු විද්‍යාලයේ සූරියකුමාර් මහතා යාපනය එ්කාබද්ධ පාසල් කණ්ඩායමට නායකත්වය දී ඇත. එවකට එම කණ්ඩායමේ කී‍්‍රඩකයෙක්ව සිටි දැනට යාපනය දිස්ති‍්‍රක්කයේ කී‍්‍රඩා අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු වන ශන්මුගම් දයාලන් මහතා ද මෙම ඓතිහාසික තරගය නැරඹීමට පැමිණ සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.  

ගුණ-ජය-සතුට පදනමේ සභාපති කුසිල් ගුණසේකර මහතා මෙවර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සම්බන්ධීකරණයෙන් හා අනුග‍්‍රහය දැක්වීමෙන් මෙම තරගයේ ප‍්‍රධාන සංවිධායක වූ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට සහාය දැක්වීය. ප‍්‍රවීණ කි‍්‍රකට් විස්තර විචාරකයෙක් වූ පේ‍්‍රමසර ඈපාසිංහ මහතා ගෞරවනීය අමුත්තෙකු ලෙස සුපුරුදු පරිදි විස්තර ප‍්‍රචාරයෙන් සහාය දැක්වීය. යාපනය දිස්ති‍්‍රක් කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමයේ පි. මුරුගවේල් හා එන්. සිවරාජා යන විනිසුරුවරු තරගය විනිශ්චය කළහ.

ආගමික නායකයින් මෙන්ම යාපනය දිසාපති එස්. අරුමෙයිනායගම්, යාපනය නගරාධිපතිනි වයි. පත්ගුණරාසා, යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි එස්.කේ. එලිල්වෙන්දන්,  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පුහුණුකරු ඬේවිඞ් පීල් හා කළමණාකරු, පි‍්‍රන්ට් විට් හා යාපනය කණ්ඩායමේ පුහුණුකරු ලක්‍ෂිත හේරත් යන මහත්ම මහත්මීන්ද තරගය නැරඹූහ.

ගුණ-ජය-සතුට පදනමේ අනුග‍්‍රහය ඇතිව යාපනය ආරක්‍ෂක හමුදා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම තරගයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරල් ප‍්‍රසාද් සමරසිංහ මහතා සහභාගි විය.

 

 

 

 

 

 

 

 

 

 


- 036


අදහස් (0)

යාපනය එ්කාබද්ධ පාසල් කි‍්‍රකට් පිලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.