Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාදව් ඉන්දියාවේ ජය ඉක්මන් කරයි

යාදව් ඉන්දියාවේ ජය ඉක්මන් කරයි

දමින්ද විජේසූරිය - 2019 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උමේෂ් යාදව්ගේ කඩුලු තුන හේතුවෙන් තරගයේ තුන්වැනි දිනය වූ අද (24 වැනිදා) උදෑසන පැයක් යන්නටත් මත්තෙන් බංග්ලාදේශ දෙවැනි ඉනිම නිමා කළ ඉන්දියානුවෝ කොල්කටාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 46 ක පහසු ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ඉන්දියාවට හැකිවූයේය.

දිවා/රාත්‍රී ටෙස්ට් තරගයක් වූ මෙම තරගය දින දෙකක් ඇතුළතදී පරාජය වීමට ගිය බංග්ලාදේශය යන්තමින් ඉන් ගැලවුණේ ඊයේ රාත්‍රියේ තරගය නතර කරන විට කඩුලු 6 කට ලකුණු 152 ක් ලබාගනිමිනි. බංග්ලාදේශයේ අරමුණ වූයේ අද දිනයේදී ඉතිරි ලකුණු 89 ලබාගනිමින් ඉන්දීය පිතිකරුවන් නැවතත් පිටියට කැඳවීමයි.

එහෙත් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 74 දී දැවී යාමෙන් පසුව බංග්ලාදේශ ඉනිම ඉදිරියට ගියේ පන්දු 10 කින් පමණි. මුල් ඉනිමේදී ලකුණු 106 කට දැවී ගිය බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 195 කට දැවී ගියේය.

ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී පිට පිටම ලබාගත් 12 වැනි ටෙස්ට් තරගාවලි ජය මෙයයි. මෙම ජයත් සමගින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ සිටිමින් අත්කරගෙන තිබෙන වාසිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඉන්දියානුවෝ සමත්ව සිටිති.

බංග්ලාදේශය - පළමු ඉනිම 106
(ශද්මන් ඉස්ලාම් 29, ලිටන් දාස් 24, නයීම් හසන් 19, ඉෂාන්ත් ෂර්මා 22/5, උමේෂ් යාදව් 29/3, මොහොසඞ් ෂාමි 36/2)
ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 9 ට 347

(මයන්ක් අග්‍රවාල් 14, රෝහිත් ෂර්මා 21, චෙටේස්වාර් පුජාරා 55, විරාට් කෝලි 136, අජින්ක්‍යා රහනේ 51, රවීන්ද්‍ර ජදේජා 12, රිදිමන් සහා නොදැවී 17, අල් අමීන් හුසේන් 85/3, අබු ජායිඞ් 77/2, එබාදත් හොසේන් 91/3)

බංග්ලාදේශය - දෙවැනි ඉනිම 195
(මුෂ්ෆිකුර් රහීම් 74, මහමදුල්ලා 39, මෙහෙදි හසන් මිරාස් 15, තයිජුල් ඉස්ලාම් 11, අල් අමීන් හොසේන් 21, ඉෂාන්ත් ෂර්මා 56/4, උමේෂ් යාදව් 53/5)


අදහස් (0)

යාදව් ඉන්දියාවේ ජය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.