එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පාකිස්තානු ක්‍රිකට් පිලේ නායක මිස්බා උල් හක් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ වයස්ගතම ක්‍රීඩකයන් කීපදෙනාගෙන් කෙනෙකු වන 40 හැවිරිදි මිස්බා තව දුරටත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන බව පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට පවසා තිබේ.
නවසීලන්තයේදී සහ ඕස්ටේ්රලියාවේදී ලබන පෙබරවාරී මස 14 වැනිදා සිට මාර්තු මස 29 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින පිටියෙන් සමුගන්නා පාකිස්තානු දෙවැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා බවට මිස්බා පත්වේ.
පාකිස්තානු පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන සහිඞ් අෆ්රීඩිද ලෝක කුසලාන තරගාවලියෙන් සමුගන්නා බව මීට පෙර නිවේදනය කළේය.
එක්දින පිටියෙන් සමුගැනීම තම අවසන් තීරණය බවත් එය පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන් බවත් මිස්බා පවසයි.
‘‘ලෝක කුසලාන දිනා සමුගැනීමට ලැබුණ හොත් එයින් මගේ සමුගැනීමට වටිනාකමක් ලැබෙනවා. ලෝක කුසලානය කියන්නේ ඉතාමත් වැදගත් තරගාවලියක් එය ජයග්රහණයෙන් අවසන් කිරීම මගේ බලාපොරොත්තුවෙයි’’ යැයි මිස්බා වැඩි දුරටත් පවසීය.
මිස්බා මේ වන විට එක්දින තරග 153 කදී සාමාන්‍ය 42.83 ක් පවත්වමින් ලකුණු 4,669 ක් රැස්කර තිබේ. මිස්බා එක්දින අර්ධ ශතක 37 ක් රැස්කර ඇති අතර එක්දින ශතකයක් නොමැතිව වැඩිම එක්දින ලකුණු ලාභියා බවට ද මිස්බා පත්ව සිටියි.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.