Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොර්ටසා බංග්ලාදේශ පාර්ලිමේන්තුවට

මොර්ටසා බංග්ලාදේශ පාර්ලිමේන්තුවට

Nisanka Sandeepani - 2019 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටියදීම බංග්ලාදේශය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වීමට මෂ්රෆී මොර්ටසා පසුගියදා සමත්විය.

අවාමී ලීග් පක්ෂයෙන් මෂ්රෆී මොර්ටසා ඡන්දයට ඉදිරිපත්වූ අතර එම පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණය පිට පිට ජයගත් තෙවැනි අවස්ථාව වන්නේය.

කළවේ ආබාධයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියෙන් දෙසැම්බර් 14 වැනිදා ඉවත්වූ සිදුවු මෂ්රෆී මොර්ටසා දෙසැම්බර් 22 වැනිදා සිට ඡන්ද ව්‍යාපාරයට එක්විය. මෂ්රෆී මොර්ටසා ඡන්දය ජයගැනීමෙන් පසුව මෙම මස 5 වැනිදා ආරම්භවන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට නැවතත් අවධානය යොමුකර ඇත.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් පසුව එක්දින තරග 3 ක් සහ ටෙස්ට් ටෙස්ට් තරග 3 ක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්තයේ තරග සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වෙයි. එම සංචාරයෙන් අනතුරුව අයර්ලන්තයේදී තුන්කොන් තරගාවලියක් සඳහාද බංග්ලාදේශ කණ්ඩායම එක් වෙයි.

අවාමී ලීගයෙන් නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් මාසයේදී නිල වශයෙන් මෂ්රෆී මොර්ටසා දේශපාලනයට එක්විය. එමෙන්ම මෂ්රෆී මොර්ටසාට අමතරව අවාමී ලීගයෙන් තරග කළ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ටෙස්ට් නායක නයිමූර් රහ්මන් සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් යන මහත්වරුද පාර්ලිමේන්තුවේ ආසනයක් හිමිකර ගැනීමට සමත්ව සිටිති. 

 


අදහස් (0)

මොර්ටසා බංග්ලාදේශ පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.