අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 2 ක ජයක් ලබාගැනීමට මොරටු මහා විද්‍යාලය විද්‍යාලය ඊයේ (29 වැනිදා) සමත්විය. මෙම තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නිශාන් මදුෂ්ක (114) ශතකයක් ලබාගනිමින් මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.
මොරටු මහා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51 කදී සියලුදෙනා දැවී ලකුණු 226
(නිශාන් මදුෂ්ක 114, අශේන් ආදිත්‍ය 22, ඉෂාන් වීරසුරිය 65/3, අකලංක පෙතියාගොඩ 22/2, මලීෂ සේනානායක 36/2, ජීවන් අබේවර්ධන 39/2)
ශා.මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52.4 කදී සියලුදෙනා දැවී ලකුණු 110
(දිශාන් කරුණාරත්න 31, නදිත් මිෂේන්ද්‍ර 36/4, එරාන් හංසමාල් 28/2)
ශා.මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 53.4 කදී සියලුදෙනා දැවී ලකුණු 114
(ගජිත් කොටුවේගොඩ 52, දිනෙත් වීරසූරිය 26, චමල්ක පුෂ්පකුමාර 08/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.