Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුහුදු ලිහිණියන්ගේ සටන අප්‍රේල් 1-2

මුහුදු ලිහිණියන්ගේ සටන අප්‍රේල් 1-2

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුනේරිය සාන්ත සෙබස්තියන් මැදි මහ විදුහල සහ මීගමුව සාන්ත පීතර විදුහල අතර හත්වැනි ‘මුහුදු ලිහිණියන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගය ලබන අප්‍රේල් 1, 2 දෙදින කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්වේ.

මෙතෙක් පවත්වා ඇති මහ ක්‍රිකට් තරගවලදී සාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව සාන්ත පීතර විදුහල තරග 3 ක් බැගින් ජය ලබා ඇත. පසුගිය වසරේදී පැවති මහ තරගයද සාන්ත සෙබස්තියන් විදුහල ජය ගත්තේය.

මෙවර තරගයේදී කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිලේ නායකයා ලෙස අශේන් චාරුක පෙරේරාද මීගමුව සාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස ඉසුරු උත්පල ද කටයුතු කරති.

මෙම තරගවාරයේදී සාන්ත සෙබස්තියන් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ 6ක් ලබා ඇත. කවිදු අරෝෂ් තරග 14කදී ලකුණු 529ක් ලබා ඇති අතර ශෙහාන් උදාර හා දර්ශන උදාරද ඒ වන විට ලකුණු 400 සීමාව පසුකර යාමට සමත් වී සිටිති.

සාන්ත පීතර විද්‍යාලය 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් කණ්ඩායම් 10 අතරට පැමිණ ඇත. මේ තරගවාරයේ තරග 12කට සහභාගි වී ඇති පීතර කණ්ඩායම ඉන් තරග 3ක් ජය ලබා ඇත. එම විදුහලේ බ්‍රයන් ජුලියස් සහ තිසර මධුවන්ත ලකුණු 400 සීමාව පසුකර ඇති ක්‍රීඩකයෝ වෙති.

වමතින් දක්ෂ පන්දු යවන ක්‍රීඩක දිනෙත් නත්සර කඩුලු 54ක් දවාගෙන ඇත. රුවින්, සලිත සහ බ්‍රයන් ජුලියස් කඩුලු 30 සීමාව පසු කර ඇති සාන්ත පීතර විදුහලේ සෙසු ක්‍රීඩකයෝ වෙති.

සාන්ත සෙබස්තියන් විදුහලේ පුහුණුකරු ලෙස ඇන්ටන් කොස්තා මහතාත්, ක්‍රීඩා ආචාර්ය ලෙස අරවින්ද රන්දුණු මහතාත් කටයුතු කරති. සාන්ත පීතර විදුහලේ ක්‍රීඩා භාර ආචාර්ය ලෙස එස්.ඒ.එල්.ඩී. නිලන්ත මහතා කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු වන්නේ ගිහාන් සුදීප මහතාය.

මෙම දෙවිදුහල අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය අප්‍රේල් 6 වැනිදා මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

2
13-03

 

 


අදහස් (0)

මුහුදු ලිහිණියන්ගේ සටන අප්‍රේල් 1-2

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.