Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුල් දිනයේම ලකුණු 500 ක්

මුල් දිනයේම ලකුණු 500 ක්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ සහිරා විදුහල සහ බලපිටිය රේවත විදුහල අතර මරදාන සහිරා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ ඊයේ (23 වැනිදා) දිනය නිමාවන විට සහිරා විදුහල ලබාගත් ලකුණු 351 ට පිළිතුරු වශයෙන් රේවත විදුහල 149 ක් ලබාසිටියේය. කණ්ඩායම් දෙකේම පිතිකරුවෝ දිනයක් තුළදී ලකුණු 500 ක් ලබාගැනීමට සමත් වූහ.

එහිදී සහිරා විදුහල් කණ්ඩායමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 219 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මොහොමඞ් ඉන්සාෆ් සහ ශෙහාන් වීරසිංහ පිළිවෙළින් ලකුණු 154 ක් සහ 106 ක් බැගින් රැස්කිරීමට සමත්වූහ.

මෙම තරගය අදත් පැවැත්වේ.

සහිරා විදුහල පළමු ඉනිම -  ඕවර 60 කදී කඩුලූ 6 කට 351
(මොහොමඞ් ඉන්ෆාස් 154, ශෙහාන් වීරසිංහ 106, අර්ෂාඞ් ඉමමුදීන් 33, තුවාන් සෆ්රාන් නොදැවී 22, දේෂාන් මුතුමාල් 68/2, අවිෂ්ක දිල්ෂාන් 85/2)

රේවත විදුහල පළමු ඉනිම -  ඕවර 35 කදී කඩුල්ලක් දැවී 149
(සුරේෂ් කුමාර නොදැවී 73, ඩිල්ෂාන් ද සොයිසා නොදැවී 43, චරිත් සසලංක 13)

036


අදහස් (0)

මුල් දිනයේම ලකුණු 500 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.