Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුරලිදරන් තරග 4 කදී කඩුලූ 6 යි

මුරලිදරන් තරග 4 කදී කඩුලූ 6 යි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන ‘කැරිබියන් වි:20 තරගාවලියේදී ජැමෙයිකානු කණ්ඩායම නියෝජනය කරන මුත්තයියා මුරලිදරන් මේ වන විට තරග 4 කට සහභාගීවී  ඕවර 16 ක් යවමින් ලකුණු 94 කට කඩුලූ 6 ක් දවාගැනීමට සමත්වී තිබේ. එහි සමාන්‍යය කඩුල්ලකට ලකුණු 15.66 කි.

මෙම තරගාවලියේ තරගයකදී මුරලිදරන්ගේ හොඳම පන්දු යැවීම සටහන් වන්නේ ලකුණු 18 කට කඩුලූ 2 ක් ලෙසිනි.
කෙසේ වෙතත් ප‍්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින මුරලිගේ ජැමෙයිකානු කණ්ඩායමට හිමිවී තිබෙන්නේ ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයයි. බාර්බඩෝස් (ලකුණු 8) සහ ගයනා (ලකුණු 6) කණ්ඩායම් පිළිවෙළින් එහි පළමු සහ දෙවැනි ස්ථාන වල පසුවෙති.

කැරබියන් වි:20 තරගාවලිය මේ මස 24 වැනිදා දක්වා පැවැත්වෙයි.

 

- 036
 

 


අදහස් (0)

මුරලිදරන් තරග 4 කදී කඩුලූ 6 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.