Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුරලිදරන් තවම හොඳයි

මුරලිදරන් තවම හොඳයි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

මේ දින වල  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බ්ග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කරන ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්ට සහ ලසිත් මාලිංගට තවමත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකිවී තිබේ.

තිලකරත්න ඩිල්ෂාන් මේ වන විට සිඞ්නි තන්ඩර්ස් පිල නියෝජනය කරමින් තරග 2 කට සහභාගීවී සිටින අතර එහිදී රැස්කරගෙන තිබෙන්නේ ලකුණු 14 ක් පමණි. ඊට ලකුණු නොළබා දැවී ගිය අවස්ථාවක්ද ඇතුළත්විය. පන්දු යැවීමේදීද ප‍්‍රතිවාදීන්ට ලකුණු 57 ක් ලබාදී තිබූ ඩිල්ෂාන්, එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට අපොහොසත් වී තිබේ.

මෙල්බර්න් ස්ටාර්ස් පිල නියෝජනය කරමින් තරග 2 කට සහභාගීවූ ලසිත් මාලිංගද දිගින් දිගටම අසාර්ථක වන අයුරු දක්නට ලැබේ. එම තරග දෙකේදී ප‍්‍රතිවාදීන්ට ලකුණු 54 ක් ලබාදුන් මාලිංගට දවැගැනීමට හැකිවී තිබුණේ එක් කඩුල්ලක් පමණි.     

කෙසේ වෙතත් මෙම තරගාවලියට සහභාගීවී සිටින ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්, මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායම නියෝජනය කරමින් මේ වන විට තරග 4 කට සහභාගීවී තිබෙන අතර එහිදී කඩුලූ 5 ක් දවාගැනීමට සමත්වී තිබේ.


- 036

 


අදහස් (3)

මුරලිදරන් තවම හොඳයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.