Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි බලාපොරොත්තු රදවා ගනී

මුම්බායි බලාපොරොත්තු රදවා ගනී

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර මුම්බායිහිදී අද (23) පැවැති දිනයේ පළමු තරගයෙන් ලකුණු 15 ක ජයක් ලැබූ මුම්බායි පිල තව දුරටත් තරගාවලියේ බලාපොරොත්තු රදවා ගත්තේය.

මුම්බායි පිල මේ වන විට තරග 13 කදී ජයග‍්‍රහණ 6 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා පස්වැනි ස්ථානයේ පසු වෙයි. මුම්බායි පිලට තවත් තරගයක් පමණක් ඉතිරිව තිබේ.

ජේ. පී. ඩුමිනි පන්දු 29 කදී හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කරමින් දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. දිල්ලි නායක කෙවින් පීටර්සන් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 44 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

මයික් හසී පන්දු 33 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 56 ක් රැස් කළේය. මුම්බායි පිල පළමු ඕවර 10 අවසන් වන විට එක කඩුල්ලක් දැවී ලකුණු 100 ක් ලබා සිටිය ද මැද සහ පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ලකුණු 200 ආසන්නයට යෑමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.   

මෙවර තරගාවලියේ එකම ශතක ලාභියා වන ලින්ඞ්ස් සීමන්ස් පන්දු 25 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 35 ක් රැස්කරමින් දැවී ගියේය. දිල්ලි පිලේ නායක කෙවින් පීටර්සන් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


මුම්බායි පිල  ඕවර 19.3 කදී සියලූ දෙනා දැවී 173 (ලින්ඞ්ස් සීමන්ස් 35, මයික් හසී 56, රෝහිත් ශර්මා 30, ආධිත්‍ය ටරි 14, ඉම්රාන් තාහිර් 37/3)

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 දී සියලූ දෙනා දැවී 158 (කෙවින් පීටර්සන් 44, මනෝජ් තිවාරි 41, ජේ. පී. ඩුමිනි නොදැවී 45, මර්චන්ට් ඩි ලැන්ගේ 32/2) 


- 048


අදහස් (0)

මුම්බායි බලාපොරොත්තු රදවා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.