Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහේල ජයවර්ධන මහතා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා ව්‍යාපාර සමූහයේ (පවුලේ) ගෝලීය ජාලය තුළ වඩාත් උසස් මට්ටමේ වගකීමක් බාරගැනීම සඳහා ජයවර්ධන මහතා, තමන් ඉතාමත් සාර්ථකව කරමින් සිටි පුහුණුකරු ධූරයේ වගකීම කැපකර තිබේ.
මහේල ජයවර්ධන සමගින් ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්ද යවන්නකු වන සහීර් ඛාන්ට වඩාත් උසස් තනතුරු පිරිනැමීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය තීරණය කර ඇත. මේ දෙදෙනාම නව භූමිකාවන්ට උසස් කර ඇත්තේ ‘මුම්බායි ඉන්දියන්ස්’ සන්නාමය සහිත, ගෝලීය ක්‍රිකට් උරුමයක් ගොඩනැගීමේ අරමුණ ඇතිවය.
සහීර් ඛාන් මහතා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියේය.
“‘එම්.අයි’ - එක පවුලක්” යන තේමාව යටතේ මැද පෙරදිග (එම්.අයි. එමිරේට්ස්) සහ දකුණු අප්‍රිකානු (එම්.අයි. කේප් ටවුන්) කණ්ඩායම් එක්වීමත් සමගින් කණ්ඩායම් කළමනාකාරීත්වය මධ්‍යම තලයකට ගෙනඒමේ අවශ්‍යතාව මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් හඳුනාගෙන ඇත. මුම්බායි ඉන්දියන්ස් යනු මේ වන විටත් ලොව පුරා මහත් ජනාදරයට පත් ක්‍රිකට් කණ්ඩායමකි.
මහේල ජයවර්ධන මහතා, මුම්බායි ඉන්දියන් පවුලේ ගෝලීය කාර්යසාධන ප්‍රධානියා වශයෙන් පත්කර තිබේ. සහීර් ඛාන් මහතා, මුම්බායි ඉන්දියන්ස් පවුලේ ක්‍රිකට් සංවර්ධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා ලෙස පත් කර තිබේ.
“අපගේ ගෝලීය කණ්ඩායමේ ප්‍රධාන වගකීම් දරන්නන් වශයෙන් මහේල සහ සහීර් සිටීම ගැන මම සතුටු වෙනවා. දෙදෙනාම මුම්බායි ඉන්දියන් පවුලේ වැදගත් සාමාජිකයෝ. ගෝලීය වශයෙන් අපගේ සියලුම කණ්ඩායම් හරහා එකම ආකාරයේ ප්‍රවාහයන් ඇතිකිරීමටත්, ලොව පුරා ක්‍රිකට් පද්ධතිවල පැහැදිළි වෙනසක් ඇති කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැයි මට විශ්වාසයි” යයි මුම්බායි ඉන්දියන්ස් සමාගමේ හිමිකරුවන් වන රිලයන්ස් ව්‍යාපාර සමූහයේ සභාපති ආකාශ් අම්බානි මහතා පැවසීය.
සිය නව තනතුර බාරගනිමින් එම්.අයි. ගෝලීය කාර්යසාධන ප්‍රධානී මහේල ජයවර්ධන මහතා මෙසේ පැවසීය.
“එම්.අයි. හි ගෝලීය ක්‍රිකට් මෙහෙයුම් සඳහා නායකත්වය දීමට ලැබීම මට අති විශාල ගෞරවයක්. (නීටා) අම්බානි මහත්මියගේ සහ ආකාෂ්ගේ නායකත්වය මෙන්ම මගපෙන්වීම නිසා මුම්බායි ඉන්දියන්ස් නමින් ලෝකයේ වටිනාම සන්නාමයක් වගේම ගෝලීය වශයෙන් බලසම්පන්න ක්‍රිකට් ප්‍රවාහයක් නිර්මාණය වෙලා තියෙනවා. මුම්බායි ඉන්දියන්ස් ගෝලීය වශයෙන් වර්ධනය වීම ගැන මා ඉතා සතුටු වෙනවා.”
“ශක්තිමත් වගේම, ඒකාබද්ධ ගෝලීය ක්‍රිකට් සන්නාමයක් ගොඩනැගීම සඳහා මෙම නව වගකීම හැකි උපරිම ශක්තියෙන් ඉටුකිරීමට මා බලාපොරොත්තු වෙනවා” යයිද මහේල ජයවර්ධන මහතා පැවසීය.
ඡායාරූපය - මුම්බායි ඉන්දියන්ස් නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.