Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිනෝද්ගෙන් තවත් ශතකයක්

මිනෝද්ගෙන් තවත් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ දෙවැනි සතියේ තරග අද (7 වැනිදා) ආරම්භවූ අතර බී.ආර්.සී පිලට එරෙහිව පැවැති තරගයේදී සී.සී.සී පිලේ මිනෝද් භානුක ශතකයක් (108) ලබාගැනීමට සමත්විය. පසුගිය සතියේ පැවැති පළමු තරගයේදීද එස්.එස්.සී පිලට එරෙහිව ශතකයක් ලබාගැනීමට මිනෝද් සමත් වූයේය.
 
කාසියේ වාසිය දිනූ සී.සී.සී පිල සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 416 ක් රැස්කිරීමට සමත්විය. එහිදී මිනෝද් භානුකගේ ශතකයට අමතරව රොන් චන්ද්‍රගුප්ත (95), ලසිත් අබේරත්න (84) සහ වනිඳු හසරංග (63) අර්ධ ශතක ලබාගනිමින් සී.සී.සී පිලේ ලකුණු මට්ටම ඉහළ දැමීමට සමත්වූහ.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ මිනෝද් භානුක පන්දු 105 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 108 ක් රැස්කළ අතර ශතකය පෙනි පෙනි ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට යාමේදී රොන් චන්ද්‍රගුප්ත ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. පන්දු 117 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 න් සමගින් ලකුණු 95 ක් ලබාගැනීමට රොන් චන්ද්‍රගුප්ත සමත්විය.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 193 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද මිනෝද් භානුක සහ රොන් චන්ද්‍රගුප්ත සමත්වූහ.

දුවිඳු තිලකරත්න කඩුලු 6 ක් සහ තරිඳු කෞෂාල් කඩුලු 4 ක් දවාගනිමින් බී.ආර්.සී පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බී.ආර්.සී පිල කිසිවකු නොදැවී ලකුණු 24 ක් රැස්කර සිටියේය.

‘ඒ’ ශ්‍රේණිය යටතේ තවත් තරග 4 ක් අද ආරම්භවූ අතර එහිදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට මීගමුව පිලේ ඩිල්ෂාන් මුණවීර (120) සහ එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක (129) සමත්වූහ. කෝල්ට්ස් පිලේ ඩිල්රුවන් පෙරේරා සහ මේරියන්ස් පිලේ අසිත ප්‍රනාන්දු කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


සී.සී.සී. පළමු ඉනිම -  සියලුදෙනා දැවී 416
(රොන් චන්ද්‍රගුප්ත 95, මිනෝද් භානුක 108, ලසිත් අබේරත්න 84, වනිඳු හසරංග 63, දුවිඳු තිලකරත්න 102/6, තරිඳු කෞෂාල් 125/4)
බී.ආර්.සී පළමු ඉනිම -  කිසිවකු නොදැවී 24

 

මුණවීරගෙන් ශතකයක්
එස්.එස්.සී සහ මීගමුව කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
මීගමුව පළමු ඉනිම -  කඩුලු 5 ක් දැවී 338
(ඩිල්ෂාන් මුණවීර 120, අෂේන් සිල්වා 66, මාධව වර්ණපුර නොදැවී 66, පසිඳු ලක්ෂංක 40, සාද් නසීම් 32)

 

යුදහමුදා පිල 270
යුදහමුදාව සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 270
(තුලින ඩිල්ෂාන් 28, දිනේෂ් චන්දිමාල් 44, අසේල ගුණරත්න 87, හිමාෂ ලියනගේ 73, ඩිල්රුවන් පෙරේරා 58/5, නිසල තාරක 47/4)

 

අසිතගෙන් කඩුලු 5 ක්
ද්‍රවිඩ සංගමය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 162
(ප්‍රසන්සන ජයමාන්න 20, තරංග පරණවිතාන 45, මදුක ලියනපතිරණගේ 34, අසිත ප්‍රනාන්දු 50/5, තික්‍ෂිල ද සිල්වා 42/4)
මේරියන්ස් පළමු ඉනිම -  කඩුලු 2 ක් දැවී 92
(ලසිත් කෲස්පුල්ලේ 53, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 31)

 

පැතුම්ගෙන් ශතකයක්
එන්.සී.සී සහ ලන්කන් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම -  කඩුලු 6 ක් දැවී 403
(පැතුම් නිස්සංක 129, ළහිරු උදාර 39, මහේල උඩවත්ත 24, උපුත් තරංග 69, ඇන්ජලෝ පෙරේරා 51, සහන් ආරච්චිගේ නොදැවී 28)

 


අදහස් (0)

මිනෝද්ගෙන් තවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.