Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැසිනොද් විදුහලේ ළහිරු තවමත් පෙරමුණේ

මැසිනොද් විදුහලේ ළහිරු තවමත් පෙරමුණේ

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 19 වැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට කඳාන ද මැසිනොද් විදුහලේ ළහිරු වික‍්‍රමසිංහ සමත්වී ඇත. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 11860 ත් සමග මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 83939 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව සිටින රාජකීය විදුහලේ රන්දේව් පතිරණ ගෙවීගිය සතිය තුළදී ඡන්ද 14722 ක් ලබාගෙන ඇත. ඒ අනුව මුළු ඡන්ද 81657 ක් ලබා සිටින ඔහු, තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටින ළහිරු වික‍්‍රමසිංහට අභියෝග කරමින් සිටියි.


පානදුර රාජකීය විදුහලේ අකිල ලක්ෂාන් සහ මහනුවර ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් පිළිවෙළින් ඡන්ද 8399 ක් සහ 3111 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන වල රැදීසිටිති. සති ගණනාවක් පුරා නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණ රැකගෙන සිටි ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ළහිරු, දෙවැනි ස්ථානයට ඇද දමමින් පෙරමුණට පැමිණීමට පානදුර ශී‍්‍ර සුමංගල විදුහලේ ළහිරු විමුක්ති සමත්වී ඇත. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 650 ත් සමග මේ වන විට ඔහු ඡන්ද 3230 ලබා සිටියි.


නවතම තත්ත්වය අනුව ඡන්ද 3230 ක් ලබා සිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ ධනුෂ්ක ළහිරු එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර පසුගිය සතිය තුළදී ඔහුට ලබාගත හැකිවී ඇත්තේ ඡන්ද 273 ක් පමණි. අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් විදුහලේ රොමේෂ් මධුෂාන් ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 6145 ත් සමගින් ඡන්ද 27000 සීමාව ඉක්මවා යෑමට සමත්ව ඇත. මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 27032 කි.


නුගේගොඩ ලයිසියම් විදුහලේ රසාංජන මල්ලිකාරච්චි ඡන්ද 4764 ලබාගෙන එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පසුගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ එක් ඡන්දයක් පමණි.


මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශයට පත්වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත්වලත්, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙත් පළවේ. ඒ අනුව තමන් කැමතිම කී‍්‍රීඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනිදා දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

කූපන්පත් නිකුත් කිරීම මැයි මස 25 වැනිදා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතෙන් නිමා වන අතර මැයි මස 30 වැනිදා පෙරවරු 9.30 ට කූපන්පත් බාරගැනීම අවසන් වේ.

 

සමස්ත ලංකා පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
ළහිරු වික‍්‍රමසිංහ කඳාන ද මැසිනොද් විදුහල 83939
රන්දේව් පතිරණ කොළඹ රාජකීය විදුහල 81657
අකිල ලක්ෂාන්   පානදුර රාජකීය විදුහල 8399
රවීන් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල 3111
මධුෂාන් චමීර  කොළඹ ඉසිපතන විදුහල 2924
පි‍්‍රයමාල් පෙරේරා   කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 2743
නිමේෂ් ගුණසිංහ කටුගස්තොට ශා. අන්තෝනි විදුහල 2721
ඒ. කේ. ටිරෝන් ගාල්ල රිච්මන්ඞ් විදුහල 2632
යශාන් සමරසිංහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 2523
කුසල් මෙන්ඩිස්   මොරටුව වේල්ස්කුමර විදුහල 2068

 

නැගීඑන පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
ළහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 3230
ධනුෂ්ක ළහිරු  ගාල්ල විද්‍යාලෝක විදුහල  3177
කලණ හසරංග  මාතර රාහුල විදුහල 576
හර්ෂ රාජපක්ෂ මාතර රාහුල විදුහල 514
ලසිත ලක්ෂාන් මාතර ශාන්ත තෝමස් විදුහල 319
සචින් ජයකොඩි  වත්තල ශාන්ත අන්තෝනි විදුහල 140

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

කී‍්‍රඩකයා       පාසල  ඡන්ද
රොමේෂ් මධුෂාන් ලේටන් පාර්ක් විදුහල 27032
රසාංජන මල්ලිකාරච්චි නුගේගොඩ ලයිසියම් විදුහල 4764
ෆර්සත් ෆාසල් කොළඹ ගේට්වේ විදුහල  319
නිමේෂ පෙරේරා වත්තල ලයිසියම් විදුහල  219

 

පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී ඇත.
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ


1. අනෝජ එදිරිසිංහ, 13/2, දෙවැනි පටුමග, ඇඹිල්ලවත්ත පාර, පිළියන්දල   
2. පී. එච්. පියරත්න, 241/1, සේරුවිල පාර, බැලූම්මහර, ගම්පහ
3. එච්. එම්. නවරත්න, 2 ඒ, මහින්ද පෙදෙස, කිරුළපන, කොළඹ 6
4. සනෝජ් චන්දිම, ධර්මාරාම මාවත, හුණුපිටිය, වත්තල


අදහස් (1)

මැසිනොද් විදුහලේ ළහිරු තවමත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.