ගලහිටියාව මධ්‍ය විද්‍යාලය හා තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය අතර කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේ දී පැවැති සිව් වැනි ‘මැදි මහ සටන’ මහා ක‍්‍රිකට් තරගයෙන් ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම කඩුලූ හයකින් ජය ලැබීය.
ලකුණු 177 ක් ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගලහිටියාව මධ්‍ය විදුහල ඕවර 36 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
කාසිය වාසිය දිනූ තෝලංගමුව මධ්‍ය විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
තෝලංගමුව මධ්‍ය විද්‍යාලය - ඕවර 47 කදී සියලූ දෙනා දැවී 176
(ලක්ජිත් ජයවීර 52, පුලස්ති ගල්දෙනිය 21, රුවන්ත කුමාරසිංහ 19, ලහිරු දිල්ශාන් 3/24, චිරාන් ප්රමමෝධ්‍ය 2/25, අවිශ්ක මඩුගල්ල 2/28, ගිහාන් දිනමුණි 1/51, තාරක විමුක්ති 1/28)
ගලහිටියාව මධ්‍ය විදුහල - ඕවර 36 කදී කඩුලූ 4 ක් දැවී 178
(පුෂ්පකුමාර මඩුගල්ල 53, කුසල් අතපත්තු 47, අවිශ්ක මදුමාල් 28, දේවින්ද අයේෂ් 20, බුද්ධීර ධනංජය 2/17, රුවන්ත කුමාරසිංහ 2/19)
තරගයේ වීරයා - පුෂ්පකුමාර මඩුගල්ල (ගලහිටියාව මධ්‍ය විද්‍යාලය)
දක්ෂතම පන්දු යවන්නා - ලහිරු දිල්ශාන් වීරරත්න (ගලහිටියාව මධ්‍ය විද්‍යාලය)
දක්ෂතම පන්දු රකින්නා - අසින්ත මල්ශාන් (ගලහිටියාව මධ්‍ය විද්‍යාලය)
දක්ෂතම පිතිකරු - ලක්ජිත් ජයවීර (තෝලංගමුව මධ්‍ය විද්‍යාලය)
ඡයාරූපය - ජයග‍්‍රාහී ගලහිටියාව මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.