කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩා සමාජයෙන් බිහිවූ ප‍්‍රථම ශ්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට උපහාර දැක්වීමේ උත්සවයක් හෙට (14 වැනිදා) කෝල්ට්ස් කි‍්‍රකට් සමාජයේදී පැවැත්වේ.
වසර 140 ක් පමණ පැරණි, දිගු ඉතිහාසයක් හිමි කී‍්‍රඩා සමාජයක් වන කෝල්ට්ස් කි‍්‍රකට් සමාජය මේ වන විට රෝයි ඩයස්, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, දුලිප් සමරවීර, දුලිප් ලියනගේ, චමින්ද මෙන්ඩිස්, මලින්ද වර්ණපුර, නුවන් කුලසේකර, ඩිල්රුවන් පෙරේරා, තිසර පෙරේරා, කුසල් ජනිත්, අකිල ධනංජය වැනි කී‍්‍රඩකයන් රැසක් ජාතික කණ්ඩායමට දායාද කර ඇතත්, ජාතික ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස් පමණි.
කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ අධ්‍යාපනය ලද මැතිව්ස් පාසලෙන් නික්මීමත් සමගම 2005 වසරේදී කෝල්ට්ස් කි‍්‍රකට් සමාජයට එක් විය.
තවද මෙම උපහාර උත්සවයේදී කෝල්ට්ස් කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් පළමු වරට (1982 දී) ජාතික ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩා කළ රෝයි ඩයස්, පළමු වරට ජාතික කාන්තා හොකී කණ්ඩායමේ නායකත්වය දැරූ දිනේෂා පෙරේරා, පළමු වරට ජාතික කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වය දැරූ වැනේසා ද සිල්වා යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ටද උපහාර පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.
මේ වන තෙක් කෝල්ට්ස් කි‍්‍රකට් සමාජයේ සභාපති ධූරය දැරූ අයගේ ඡුායාරූප එකතුවක් සහ එහි නව වෙබ් අඩවියද හෙට දින එළිදැක්වීමට නියමිතය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.