Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් - චන්දිමාල් පාකිස්තානු සංචාරයට

මැතිව්ස් - චන්දිමාල් පාකිස්තානු සංචාරයට

යොහාන් භාසුර - 2019 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේදී ලබන මස 11 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවන් අටදෙනකු ඇතුළත් කර තිබේ. එම අටදෙනා අතරට හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටිති.

වේග පන්දු යවන්නන් වන සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත ද, දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්‍ෂාන් සඳකැන් ද, පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති.

ධනංජය ද සිල්වා තුන් ඉදිරියව් ක්‍රීඩකයකු ලෙස සංචිතයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පිල ලබන මස 8 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය. පළමු ටෙස්ට් තරගය රාවල්පින්ඩි නුවරදී දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම 2009 වසරේ මාර්තු මස ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වීමෙන් පසුව ශ්‍රී ලංකාව පාකිස්තානයේදී ටෙස්ට් තරගයකට සහභාගි වන පළමු අවස්ථාව මෙය බවට පත්වේ.


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්‍ෂාන් සඳකැන්

 

 


අදහස් (0)

මැතිව්ස් - චන්දිමාල් පාකිස්තානු සංචාරයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.