Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැක්ස්වෙල් - කෝලි බැංගලෝර් පිල දිනවති

මැක්ස්වෙල් - කෝලි බැංගලෝර් පිල දිනවති

editorial - 2021 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ග්ලෙන් මැක්ස්වෙල් (59) සහ විරාට් කෝලි දෙදෙනාගේ පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ දක්ෂතාවයත් සමගින් බදාදා (14 වැනිදා) චෙන්නායිහිදි පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 6 වැනි තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව ලකුණු 6 ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ආරාධනා කළේය. ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149 ක් පමණි.

ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 41 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 59 ක් සහ විරාට් කෝලී පන්දු 29 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් ලබාගනිමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූවද සෙසු පිතිකරුවන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුනි.

ජේසන් හෝල්ඩර් ලකුණු 30 කට කඩුලු 3 ක් සහ රෂීඩ් ඛාන් 18 කට කඩුලු 2 ක් දවාගනිමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ජය්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි. ඩේවිඩ් වෝනර් සහ මනිෂ් පාණ්ඩේ එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 66 කදී ලකුණු 83 ක සම්බන්ධතාවයක් පවත්වමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමාදුන්නද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිලට සිදුවිය.

ඩේවිඩ් වෝනර් පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 54 ක් සහ මනිෂ් පාණ්ඩේ පන්දු 39 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 38 ක් රැස්කිරිමට සමත්විය.

ශබාස් අහ්මඩ් කඩුලු 3 ක් ද, හර්ෂල් පතෙල් සහ මොහොමඩ් සිරාජ් කඩුලු 2 බැගින්ද දවාගනිමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට නොසිතූ ජයක් ගෙන ඒමට සමත්වූහ.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 149
(විරාට් කෝලී 33, ග්ලෙන් මැක්ස්වෙල් 59, ජේසන් හෝල්ඩර් 30/3, රෂීඩ් ඛාන් 18/2)

සන්රයිසස් හයිඩ්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 143
(ඩේවිඩ් වෝනර් 54, මනිෂ් පාණ්ඩේ 38, ශබාස් අහ්මඩ් 07/3, හර්ෂල් පතෙල් 25/2, මොහොමඩ් සිරාජ් 25/2)

- 2079


අදහස් (0)

මැක්ස්වෙල් - කෝලි බැංගලෝර් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.