වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ හේලිස් පිලට එරෙහිව කටුනායකදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 11 ක ජයක් අත්කරගත් මාස් ලීනියා පිල තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය හේලිස් පිලට ඕවර 49.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 193 ක් පමණි.
ලකුණු 26 කට කඩුලූ 5 ක් දවාගත් මංගල ප‍්‍රදීප් සහ ලකුණු 45 කට කඩුලූ 3 ක් දවාගත් තක්ෂිල ද සිල්වා, හේලීස් පිල අසරණ කර දැමූහ.
කාසියේ වාසිය දිනූ හේලිස් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මාස් ලීනියා පිල ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 204 ක් ලබාගත්තේය.
හේලිස් පිලේ කවිඳු කුලසේකර ලකුණු 67 ක් රැස්කරමින් සහ ලකුණු 41 කට කඩුලූ 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්වුවත්, තම කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට සඳහා එම දස්කම් ප‍්‍රමාණවත් නොවීය.
මාස් ලීනියා පිල - ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 204
(දමිත් පි‍්‍රයදර්ශන 46, දසුන් ආරියසිංහ 38, ඇන්ජලෝ ජයසිංහ 32, ඉම්රාස් රාෆි 39/4, කවිඳු කුලසේකර 41/3)
හේලිස් පිල - ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 193
(කවිඳු කුලසේකර 67, ඉම්රාස් රාෆි 37, මතීෂ රණවීර 26, මංගල ප‍්‍රදීප් 26/5, තක්ෂිල ද සිල්වා 45/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.