වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම අද (26 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාස් යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් මහේල උඩවත්ත (නොදැවී 51) අර්ධ ශතකයක් ලබාගත් අතර ඉශාර අමරසිංහ සහ දුවිඳු තිලකරත්න කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජෝන් කීල්ස් සහ ටීජේ ලංකා කණ්ඩායම් අතර තරගයත් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ කැන්රිච් ෆිනෑන්ස් සහ හේලීස් ගෲප් කණ්ඩායම් අතර තරගයක් වර්ෂාව හේතුවෙන් අතරහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(තිසර පෙරේරා නොදැවී 51, අශාන් ප්‍රියංජන් 26, ඉශාර අමරසිංහ 26/3, දුවිඳු තිලකරත්න 49/3, ශෙහාන් මදුශංක 21/2)
මාස් යුනිචෙලා - ඕවර 18 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 142
(මහේල උඩවත්ත නොදැවී 51, ධණුෂ්ක ගුණතිලක නොදැවී 32, අසිත ප්‍රනාන්දු 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.