Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාස් යුනිචෙලා පිලට ලකුණු 24 ක ජයක්

මාස් යුනිචෙලා පිලට ලකුණු 24 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කණ්ඩායම පරදවා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24 ක ජයක් අත්කර ගැනීමට මාස් හොල්ඩිංග්ස් යුනිචෙලා කණ්ඩායම සමත් විය. මෙම තරගය ඊයේ (24 වැනිදා) කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මාස් හොල්ඩිංග්ස් යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් රමිත රඹුක්වැල්ල (54) සහ මහේල උඩවත්ත (51) අර්ධ ශතක ලබාගත් අතර දක්ෂ පන්දුයැවීමක නිතර වූ ඉෂාර අමරසිංහ ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ශානුක දුලාජ් නොදැවී ලකුණු 92 ක් රැස්කිරීමට සමත් වුවද ඔහුට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.


මාස් හොල්ඩිංග්ස් යුනිචෙලා පිල - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී 283
(රමිත රඹුක්වැල්ල 54, මහේල උඩවත්ත 51, තිලක්ෂ සුමණසිරි 34, චතුරංග ද සිල්වා 32, ධනුෂ්ක ගුණතිලක 29, අක්ෂු ප්‍රනාන්දු 26/2, මධුක ලියනපතිරණගේ 31/2, චාමිකර එදිරිසිංහ 59/2)

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පිල - ඕවර 41 කදී කඩුලු 9 ක් දැවී 240
(ශානුක දුලාජ් නොදැවී 92, අක්ෂු ප්‍රනාන්දු 32, භානුක රාජපක්ෂ 24, ඉෂාන් ජයරත්න 24, ළහිරු මිලන්ත 22, ඉෂාර අමරසිංහ 39/5, ෂෙහාන් මධුසංක 62/2)

 


අදහස් (0)

මාස් යුනිචෙලා පිලට ලකුණු 24 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.