වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මාස් ඇක්ටිව් පිල සමත්විය. ඒ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලූ 2 කින් කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල පරාජය කරමිනි.
ඒ අනුව ඔවුන් ලබන නොවැම්බර් මස 9 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ජොන් කීල්ස් පිලට එරෙහිව තරග වැදීමට නියමිතය.
දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 226 ක ඉලක්කයක් හඹාගිය මාස් ඇක්ටිව් පිල ඕවර 44.2 ක් අවසානයේ කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
මාස් ඇක්ටිව් පිලේ අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා පන්දු පන්දු 39 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් තම කණ්ඩායම අවසන් මහ තරගය කරා කැඳවාගෙන ගියේය.
කාසියේ වාසිය දිනූ මාස් ඇක්ටිව් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල, ඕවර 49.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 225 ක් ලබාගත්තේය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සුරාජ් රන්දීව් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් තම කණ්ඩායෙම් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගත් සචිත‍්‍ර සේරසිංහ, කොමාර්ෂල් ක්‍රෙඩිට් පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත්විය.
කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල - ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 225
(ශෙහාන් ජයසූරිය 18, කුසල් මෙන්ඩිස් 19, ලසිත් අබේරත්න 35, ඞී. මධුසංක 33, සුරාජ් රන්දීව් 58, මලින්ද පුෂ්පකුමාර 38, සචිත‍්‍ර සේරසිංහ 23/4, ඩිල්ෂාන් මුණවීර 36/2, බිනුර ප‍්‍රනාන්දු 44/2)
මාස් ඇක්ටිව් - ඕවර 44.2 කදී කඩුලූ 8 ක් දැවී 228
(උදාර ජයසුන්දර 19, සචිත‍්‍ර සේරසිංහ 34, ටී. එම්. සම්පත් 19, සචිත‍්‍ර සේනානායක 30, ධනංජය ද සිල්වා නොදැවී 50, සචිත් පතිරණ 41, ලහිරු ගමගේ 51/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.