
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) විසින් තෝරාගනු ලබන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා (මැයි මාසයේ) ලෙස මෙවර බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් තේරී පත්ව ඇත. මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස්කොට්ලන්තයේ කැතරින් බි්‍රස් තේරී පත්වූවාය.
මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සහ පාකිස්තානයේ වේගපන්දු යවන ක්‍රීඩක හසන් අලීද ඇතුළත් වූහ.
බංග්ලාදේශයට එරෙහි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම නිර්දේශිත නාම අතරට එක්ව තිබුණි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් සහ අයි.සී.සී කීර්තිධරයන්ගේ නාමාවලියට ඇතුළත් සාමාජිකයින් සහ ප්‍රේක්ෂක මනාපයන් ද සැලකිල්ලට ගනිමින් අයි.සී.සී මනාප ඇකඩමිය විසින් මෙම සම්මානය මාසිකව පිරිනමනු ලැබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.