Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංග ප‍්‍රශ්න ඉල්ලයි

මාලිංග ප‍්‍රශ්න ඉල්ලයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

‘අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සුපර් 4’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අනුග‍්‍රහකයන් හදුන්වාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි පෙර මාධ්‍යවේදීන් අසළ පැමිණි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග ‘ශූරයන්ගේ ලීග්’ තරගාවලියේදී තමන් තෝරා ගන්නේ අයි.පීල්.එල් පිල ද, සදර්න් එක්ස්ප‍්‍රස් පිලද යන්න ගැන ප‍්‍රශ්නයක් අසන ලෙස පැවසීය.

කෙසේ වෙතත් මාලිංගගේ එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වීමට එම ස්ථානයේ රැදී සිටි මාධ්‍ය නියෝජිතයන් කිසිවකු ඉදිරිපත් නොවූ අතර මාධ්‍ය සාකච්ඡවේදීද කිසිවකු එවන් ප‍්‍රශ්නයක් මතු නොකළේය.

පසුගිය වසරේ ශූරයන්ගේ ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගත් කඳුරට පිල වෙනුවෙන් මෙන්ම සන්රයිසස් හයිද්‍රාබාද් පිල වෙනුවෙන්ද කුමාර් සංගක්කාර කී‍්‍රඩා කිරීම නිසා සංගක්කාරගේ තෝරා ගැනීම සම්බන්ධයෙන් විශාල අර්බුදයක් නිර්මාණය විය. පසුව 2013 ශූරයන්ගේ තරගාවලියේදී කඳුරට පිල නියෝජනය කිරීමට සංගක්කාර විසින් තීරණය කරන ලදි.


අදහස් (4)

මාලිංග ප‍්‍රශ්න ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.