Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංග වසරේ අයි. පී. එල්. පිලට

මාලිංග වසරේ අයි. පී. එල්. පිලට

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ කී‍්‍රඩකයන් දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් අයි. පී. එල්. සංවිධායක මණ්ඩලය විසින් නම් කරන ලද වසරේ අයි. පී. එල්. කණ්ඩායමට මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ඇතුළත්වී තිබේ.

මාලිංගට අමතරව මහේන්ද්‍ර සිං දෝනි (චෙන්නායි සුපර් කිංග්ස්) නායකත්වය දරන මෙම කණ්ඩායමට විදෙස් කී‍්‍රඩකයන් ලෙස  ඕස්ටේ‍්‍රලියාව් ඬේවිඞ් වෝනර් (සන්රයිසස් හයිද්‍රාබාද්), ග්ලේන් මැක්ස්වෙල් (කිංග්ස් XI පන්ජාබ්) සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සුනිල් නරේන් (කොල්කටා නයිට් රයිඩර්ස්) ඇතුළත්ව සිටිති. බංගලාදේශයේ ශකීබ් අල් හසන් (කොල්කටා නයිට් රයිඩර්ස්) අතිරේක කී‍්‍රඩකයා ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

මෙම කණඩායම නම් කර ඇති ඉන්දීය කී‍්‍රඩකයන් අතුරින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය වූ රොබින් උත්තාපා (කොල්කටා නයිට් රයිඩර්ස්), වැඩිම කඩුලූ ලාභියා වූ මෝහිත් ශර්මා (චෙන්නායි සුපර් කිංග්ස්) සහ තරගාවලියේ නැගීඑන කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනූ අක්ෂර් පටේල් (කිංග්ස් XI පන්ජාබ්) ප‍්‍රධාන තැනක් ගනිති.

වසරේ (2014) අයි. පී. එල්. කණ්ඩායම
1 රොබින් උත්තාපා (කොල්කටා නයිට් රයිඩර්ස්) - ලකුණු 660
2 ඬේවිඞ් වෝනර් (සන්රයිසස් හයිද්‍රාබාද්) - ලකුණු 528
3 සුරේෂ් රයිනා (චෙන්නායි සුපර් කිංග්ස්) - ලකුණු 523
4 රිධිමන් සාහා (කිංග්ස් ඃ, පන්ජාබ්) - ලකුණු 362
5 ග්ලේන් මැක්ස්වෙල් (කිංග්ස් ඃ, පන්ජාබ්) - ලකුණු 552
6 මහේන්ද්‍ර සිං දෝනි (චෙන්නායි සුපර් කිංග්ස්) - ලකුණු 371
7 අක්ෂර් පටේල් (කිංග්ස් XI පන්ජාබ්) - කඩුලූ 17
8 බුවනේෂ්වර් කුමාර් (සන්රයිසස් හයිද්‍රාබාද්) - කඩුලූ 20
9 මෝහිත් ශර්මා (චෙන්නායි සුපර් කිංග්ස්) - කඩුලූ 23
10 ලසිත් මාලිංග (මුම්බායි ඉන්දියන්ස්) - කඩුලූ 16
11 සුනිල් නරේන් (කොල්කටා නයිට් රයිඩර්ස්) - කඩුලූ 21
12 අතිරේක කී‍්‍රඩකයා ශකීබ් අල් හසන් (කොල්කටා නයිට් රයිඩර්ස්) - ලකුණු 227 සහ කඩුලූ 11


අදහස් (1)

මාලිංග වසරේ අයි. පී. එල්. පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.