අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මාලබේ ආදර්ශ පිරිමි විදුහල සහ මතුගම ශාන්ත මරියා විදුහල අතර ශාන්ත මරියා විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති ෂෂෂ වැනි කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 3 ක ජයක් අත්කර ගැනීමට මාලබේ ආදර්ශ පිරිමි විදුහල සමත්විය.
මාලබේ ආදර්ශ පිරිමි විදුහල නියෝජනය කරමින් මෙම තරගාවලියට කණ්ඩායමක් සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන අතර ඔවුන් සහභාගී වූ පළමු තරගයේදීම ඉනිමක ජයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මාලබේ ආදර්ශ පිරිමි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 262
(ළහිරු අකලංක 84, දිෂාල් සවිල්ක 46, තරින්ද යසස් 34, ටී. එස්. වෙල්ගම 62/3, ළහිරු දිල්ෂාන් 82/3)
මතුගම ශාන්ත මරියා විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 92
(පී. ඩබ්. රමේෂ් 24, ළහිරු අකලංක 6/3, තරින්ද යසස් 22/3, දිෂාල් සවිල්ක 37/3)
මතුගම ශාන්ත මරියා විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 167
(ටී. එස්. වෙල්ගම 59, ඞී. ටී. අමරසිංහ 26, දිෂාල් සවිල්ක 16/3, තරින්ද යසස් 46/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.