Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාර්ලිබෝන් නායකත්වය මහේලට

මාර්ලිබෝන් නායකත්වය මහේලට

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලය, නෙදර්ලන්තය සහ මාර්ලිබෝන් ක්‍රිකට් කණ්ඩායම අතර ජූලි 29 වැනිදා ලෝඞ්ස්හී ආරම්භ වන තුන්කොන් විස්සයි 20 තරගාවලියේදී, මාර්ලිබෝන් ක්‍රිකට් කණ්ඩායමේ නායකය ලෙස ශ්‍රී ලංකා කණ්ඩාමේ හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කිරීමට නියමිතය. 

මහේල ජයවර්ධන 2002 වසරේදී එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී ලකුණු 107 ලබාගත් අතර 2006 වර්ෂයේ නැවතත් එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම ලකුණු 119 ක් රැස් කිරිමට සමත් විය. වසර 2015 දී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ගරු සාමාජිකත්වයද හිමිකරගත් මහේල ජයවර්ධන පසුගිය වසරේදී එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් විදේශීය නොවන ක්‍රීඩකයකු වශයෙන් තෝරාගත්තේය. 

මර්ලිබෝන් ක්‍රිකට් කණ්ඩායමට ස්කෝට්ලන්තයේ ක්‍රීඩකයන් තිදෙනෙකුද ඇතුළත් කර ඇත. එංගලන්තයට එරෙහිව පසුගිය 10 වැනිදා ස්කොට්ලන්තය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය හේතුවෙන් ස්කොට්ලන්තයේ ඩිලාන් බජ, ඇලස්ඩයර් එවන්ස් සහ මාක් වොට් මාර්ලිබෝන් ක්‍රිකට් කණ්ඩායමට කැඳවීමට කටයුතු කර ඇත. 


 - 024

 


අදහස් (0)

මාර්ලිබෝන් නායකත්වය මහේලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.