Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්දය පස්වැනි ජයත් ලබා ගනී

මහින්දය පස්වැනි ජයත් ලබා ගනී

ශනුක අරවින්ද - 2014 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර කොළඹ කැම්බල් පෙදෙසේදී පැවති වයස 19 න් පහළ I වැනි කොටසේ කි‍්‍රකට් තරගයේදී නාලන්දාව පැරදවූ මහින්ද කී‍්‍රඩකයෝ කඩුළු 09 ක විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගත්හ.

දුලාෂ් උදයංග ශතකයක් ලබා ගනිමින් මහින්ද විදුහලට මුල් ඉනිමේදී ලකුණු 122 ක මුල් ඉනිමේ වාසියක් ගෙන දුන්නේය. මෙවර පාසල් කි‍්‍රකට් වාරය තුළ මහින්දය මේ දක්වා පූර්ණ ජයග‍්‍රහණ 5 ක්ද, පළමු ඉනිමේ ජයග‍්‍රහණ 5 ක්ද ලබා හොඳම පාසල් කණ්ඩායම් 5 අතරටද පැමිණ සිටියි.

ජාත්‍යන්තර අත්දැකීම් සහිත පුහුණුකරුවකු වන මහින්ද ආදි ශිෂ්‍ය හසිත රාජපක්ෂ මහතා මහින්ද පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

නාලන්දා විදුහල පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 109
(අවිශ්ක ද සිල්වා 24, සෙනුර අමරසිංහ 16, තමිත් කල්හාර 42/6, පසිඳු දිල්ෂාන් 18/3)

මහින්ද විදුහල පළමු ඉනිම සියල්ල දැවී 231
(දුලාෂ් උදයංග 100, ඉෂාර අකලංක 34, ප‍්‍රමුත් හෙට්ටිවත්ත 53/3, කවිඳු බණ්ඩාර 69/3)

නාලන්දා විදුහල  දෙවනි ඉනිම සියල්ල දැවී ලකුණු 138
(ඉසුරු සමරසිංහ 31, ඩිලාන් වෙනුර 33, මලිත් මහේල 38/6, තමිත් කල්හාර 33/2)

මහින්ද විදුහල දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 19


අදහස් (1)

මහින්දය පස්වැනි ජයත් ලබා ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.