අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී ශාන්ත බෙනඩික් විදුහලේ අචින්ත වික්‍රමසේකර ලකුණු 48 කට කඩුලු 6 ක්ද, මහේල් ගුණතිලක ලකුණු 12 කඩුලු 5 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.
ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 96
(අවිෂ්ක රණසිංහ නොදැවී 42, මහේල් ගුණතිලක 12/5, ජීවක ජයලත් 16/3)
මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලු 3 ක් දැවී 147
(මහේල් ගුණතිලක නොදැවී 34, තරුෂ කුරේ 32, යෙහඟ බිම්සර නොදැවී 28, තරුෂ විදානපතිරණ 20, සිතිජ රොද්‍රිගෝ 50/2)
ශාන්ත බෙනඩික් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 117
(අවිෂ්ක රණසිංහ 50, අචින්ත වික්‍රමසේකර 48/6, තරුෂ විදානපතිරණ 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.