Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය පෙරේදා (13 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තුෂාන් හේරත් සහ උපේන්ද්‍ර වර්ණකුලසූරිය කඩුලු 3 බැගින් දවාගනිමින් මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වනවිටදී තුන්ඉරියව්වෙන් දස්කම් පෑ දුලාජ් බණ්ඩාර දුලාජ් බණ්ඩාර (නොදැවී 50) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද සහ කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
විද්‍යාර්ථ විද්‍යාලය - ඕවර 31.4 කදී සියලුදෙනා දැවී 82
(කවිශ්ක තෙන්නකෝන් 28, තුෂාන් හේරත් 09/3, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 37/3, දුලාජ් බණ්ඩාර 07/2, යසිත් සමරරත්න 11/2)
ධර්මරාජ විද්‍යාලය - ඕවර 14.3 කදී කඩුල්ලක් දැවී 83
(දුලාජ් බණ්ඩාර නොදැවී 50, ජනිත් ගුණතුංග නොදැවී 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.