Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගය ලෙස මහනුවර ෆොල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 77 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.
මෙවර තරගාවලියේදී මහනුවර කණ්ඩායම ලැබූ සිවුවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග යාපනය කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇද දමමින් නැවත වරක් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද මහනුවර කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට කාර්ලෝස් බ්‍රැත්වේට් ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 14.2 ක් හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි. එහිදී බ්‍රැත්වේට් ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට දුන් මහනුවර කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 193 ක් ලබාගත් මහනුවර කණ්ඩායමේ නැංගුරම බවට පත් වූ කමිඳු මෙන්ඩිස් පන්දු 40 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 58 ක් රැස්කරමින් ඉනිම සවිමත් කළේය.
ඇන්ඩි්‍ර ෆ්ලෙචර් (44) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 44 ක් එක්කළ මෙන්ඩිස්, ඉන් නොනැවතී අෂේන් බණ්ඩාර (නොදැවී 42) සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්ව පන්දු 38 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් මහනුවර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
පන්දු 31 කදී වාර්තා වූ ෆ්ලෙචර්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කට මුහුණදුන් බණ්ඩාර හයේ පහරකින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසුවේය. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 20 කින් ලකුණු 26 ක් රැස්කයේ හතරේ පහර 3 ක් සමගිනි.
මහනුවර ෆොල්කන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 193
(පැතුම් නිස්සංක 26, ඔන්ඩි්‍ර ෆ්ලෙචර් 44, කමිඳු මෙන්ඩිස් 58, අෂේන් බණ්ඩාර නොදැවී 42, නජිබුල්ලා සද්‍රාන් නොදැවී 16)
දඹුල්ල අවුරා පිල - ඕවර 14.2 කදී සියලු දෙනා දැවී 116
(භානුක රාජපක්ෂ 18, චතුරංග ද සිල්වා 25, නූර් අහමඩ් 20, කාර්ලෝස් බ්‍රැත්වේට් 25/3, චමිඳු විජේසිංහ 25/3, ෆේබියන් ඇලන් 05/2, චාමික කරුණාරත්න 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.