Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

මහනුවර කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් වයස 23 න් පහළ තෙදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය කඩුලු 4 කින් ජය ගැනීමට මහනුවර කණ්ඩායම අද (19) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 181 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 356 ක් රැස්කිරීමට සමත්විය.
මහනුවර කණ්ඩායම පළමු ඉනිමේ රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 175 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ගාල්ල කණ්ඩායම ලකුණු 302 ක් රැස්කිරීමට සමත්වුවද මහනුවර කණ්ඩායමට ලකුණු 128 ක පහසු ඉලක්කයක් හිමිවිය.

එම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 6 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට මහනුවර කණ්ඩායම සමත්විය.
මහනුවර කණ්ඩායමේ මාධව නිමේෂ් (137) සහ ගාල්ල කණ්ඩායමේ නවිඳු නිර්මාල් (115) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. ගාල්ල කණ්ඩායමේ රමින්ද විජේසූරිය සහ තිලාන් ප්‍රශාන්, මහනුවර කණ්ඩායමේ ඩිලාන් ජයලත් හසින්ත ජයසූරිය අර්ධ ශතක ලබාගත්හ.

තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ මහනුවර කණ්ඩායමේ ටිරෝන් සිවකුමාරන් කඩුලු 9 ක් දවාගැනීමට සමත්වූ අතර ගාල්ල කණ්ඩායමේ හරීන් බුද්දිල කඩුලු 8 ක් දවාගැනීමට සමත්විය..


ගාල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 55.3 කදී සියලුදෙනා දැවී ලකුණු 181
(රමින්ද විජේසූරිය 72, සසිත් මනුරංග 31, දිනුක දිල්ෂාන් 27, ටිරෝන් සිවකුමාරන් 53/6, තිසරු දිල්ෂාන් 13/2, තරිඳු ලියනගේ 27/2)

මහනුවර කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 89.5 කදී සියලුදෙනා දැවී ලකුණු 356
(මාධව නිමේෂ් 137, ඩිලාන් ජයලත් 74, ක්‍රිශාන් සංජුල 38, තිසරු දිල්ෂාන් 35, තනුක දාබරේ 35, හරීන් බුද්දිල 86/4, සසිත් මනුරංග 53/3)

ගාල්ල කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 79.2 කදී සියලුදෙනා දැවී ලකුණු 302
(නවිඳු නිර්මාල් 115, තිලාන් ප්‍රශාන් 90, දිනුක් දිල්ෂාන් 28, රමින්ද විජේසූරිය 23, ඒ.හර්ෂජිත් 20, නිමේෂ් මෙන්ඩිස් 66/3, ටිරෝන් සිවකුමාරන් 92/3, ඩිලාන් ජයලත් 49/2, තරිඳු ලියනගේ 68/2)

මහනුවර කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 33.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 131
(හසින්ත ජයසූරිය නොදැවී 76, හරීන් බුද්දිල 86/4, තිලාන් ප්‍රශාන් 37/2)

 


අදහස් (0)

මහනුවර කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.