අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හයවැනි සතිය අවසාන වනවිට ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන මනෝජ් සරත්චන්ද්‍ර තරග හයකට සහභාගීවී ලකුණු 553 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී ඇත. මනෝජ් සරත්චන්ද්‍ර මෙවර තරගාවලියේදී ශතක තුනක් සහ එක් අර්ධ ශතකයක් රැස්කර ඇති අතර බදුරලිය සහ යුදහමුදා කණ්ඩායම් වලට එරෙහිව නොදැවී ලකුණු 119 බැගින් රැස්කරගත් ඔහු ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් (නොදැවී 202) ලබාගත් කෞෂාල් සිල්වා මෙවර තරගාවලියේදී පිතිකරුවකු විසින් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන්නේය.
තරග පහකට සහභාගීවී කඩුලු 39 ක් බිද හෙළමින් මේ වනවිට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීයා බවට පත්වන්නට වමතින් දඟපන්දු යවන හලාවත මේරියන්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සමත්වී ඇත. ඉනිම පහකදී කඩුලු 5 බැගින් දවාගත් පුෂ්පකුමාර කඩුලු 10 බැගින් එක් අවස්ථාවකදී දවාගෙන ඇත.
මාලින්ද පුෂ්පකුමාරට අභියෝගයක් වෙමින් ඔහු පසුපසින්ම පැමිණෙන වරාය අධිකාරිය කණ්ඩායමේ චානක කොමසාරූ සහ එන්.සී.සී. කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය තරග පහකදී කඩුලු 34 බැගින් දවාගැනීමට සමත් වූහ.
තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම එන්.සී.සී. පිලට එරෙහිව වාර්තා කිරීමට යුදහමුදා පිල නියෝජනය කරමින් පිට දඟපන්දු යවන දුශාන් විමුක්ති (108/9) සමත්වී තිබේ. වනිඳු හසරංග (සී.සී.සී.) සහ සඳකැන් පතිරණ (මූවර්ස්) කඩුලු අට බැගින් දවාගැනීමට සමත්ව සිටිති.
තරගයක හොදම පන්දු යැවීම බදුරලිය කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කරන චානක කොමසාරූ (73/12) සමත්වී ඇත. කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රභාත් ජයසූරිය සහ මූවර්ස් කණ්ඩායමේ සඳකැන් පතිරණ කඩුලු 11 බැගින් දවාගනිමින් තරගයක හොඳම පන්දු යැවීම් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවන්නේය.
මේ වනවිට තරගාවලියේදී ද්විත්ව ශතක රැස්කිරීමට කෞෂාල් සිල්වා (එස්.එස්.සී) සහ සංගීත් කුරේ (කෝල්ට්ස්) සමත්වී ඇති අතර මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය) ශතක තුනක්ද ප්‍රීමෝෂ් පෙරේරා (මූවර්ස්), දිමුත් කරුණාරත්න (එස්.එස්.සී.), ඕෂධ ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්), චාමර සිල්වා (මූවර්ස්) සහ ළහිරු මිලන්ත (රාගම) ශතක දෙක බැගින් රැස්කරමින් තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වති.
ගෙවිගිය සති අන්තයේදී වාර්තා වූ ශතක හතරෙන් ශතක දෙකකට හිමිකම් කීමට රාගම පිලේ ළහිරු මිලන්ත සමත්විය. මූවර්ස් පිලට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 112 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 150 ක් රැස්කිරීමට ළහිරු මිලන්ත සමත් වූයේය. සී.සී.සී. පිලේ සචිත් පතිරණත්, මූවර්ස් පිලේ චාමර සිල්වාත් වාර්තාවූ අනෙක් ශතක දෙකට හිමිකම් කියූහ.
ගෙවීගිය සති අන්තයේදී ශතකය පෙනි පෙනී දැවීගිය පිතිකරුවන් අතරට රාගම කණ්ඩායමේ ජනිත් ලියනගේ (97), කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා (92), ඇතුළත් වූහ.
වරාය අධිකාරියේ චානක කොමසාරූ කඩුලු 10 ක්ද සැරසන්ස් පිලේ රොෂාන් ජයතිස්ස සහ චතුර රංදුණු, බදුරලිය පිලේ නන්ද්‍රාස් ප්‍රසාද්, බ්ලූම්ෆීල්ඞ් පිලේ මලිත් ද සිල්වා, රාගම පිලේ අමිල අපෝන්සු කඩුලු 8 බැගින් දවාගනිමින් ගෙවිගිය සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වූහ. මදුක ලියනපතිරනගේ (වරාය අධිකාරිය), ඩිල්රුවන් පෙරේරා (කෝල්ට්ස්) සහ මල්ක මදුශංක (යුදහමුදාව) ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් පන්දු යවන්නෝ වූහ.
2018/1/14 දින දක්වා පැවැති තරගවල දස්කම් ඇතුළත් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.