Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බෙයාර්ස්ටෝ එංගලන්තය ගොඩ ගනී
ඇන්ටිගුවා ටෙස්ට් තරගය

බෙයාර්ස්ටෝ එංගලන්තය ගොඩ ගනී

editorial - 2022 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පැය පහමාරක් පමණ දැඩි හිරු රශ්මියට මුහුණ දෙමින් ජොනී බෙයාර්ස්ටෝ ලබාගත් ශතකය (නොදැවී 109) නිසා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අඟහරුවාදා (8 වැනිදා) සවස ක්‍රීඩාව නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටියේය. ඇන්ටිගුවා නුවර ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ජොනී බෙයාර්ස්ටෝ ලබාගත්තේ ඔහුගේ 8 වැනි ටෙස්ට් ශතකය වන අතර පිට පිටම ලබාගත් දෙවැනි ටෙස්ට් ශතකයද වෙයි.

ඔහු සිය අවසන් ටෙස්ට් ශතකය ලබාගත්තේ, මාස දෙකකට පෙර නිමාවූ අළු බඳුන තරගාවලියේ අවසන් ඉනිමේදීය.

ඕවර 16 ක් යවමින් ලකුණු 15 කට කඩුලු 2 ක් දවාගත් ජේසන් හෝල්ඩර් හමුවේ ආරක්‍ෂාකාරී වූ බෙයාර්ස්ටෝ, අනෙකුත් කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව නිර්ලෝභීව ලකුණු ලබාගත්තේය. බෙයාර්ස්ටෝගේ ලකුණු 109 න් 68 ක්ම ආවේ හතරේ පහර වලිනි. එංගලන්ත ඉනිම හතරේ පහර වලින් ගහණව තිබිණ. ලකුණු 268 න් ලකුණු 164 ක් හෙවත් 61% ක් පැමිණියේ හතරේ පහරවලිනි.

එංගලන්ත ලකුණු සංඛ්‍යාව කඩුලු 4 කට 48 ක්ව තිබියදී පිටියට පිවිසි බෙයාර්ස්ටෝ, ක්‍රීඩාංගණයේ අට කොණටම පන්දුව යවමින් බෙන් ස්ටෝක්ස් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක්ද, බෙන් ෆෝක්ස් සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීය.

එංගලන්තයේ අපේක්‍ෂාව ලකුණු 320 ක් නැතහොත් ලකුණු 350 ක් බව බෙයාර්ස්ටෝ කියයි.
“අපි ලබාගත්ත ආරම්භයේ හැටියට ඊට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නවා කියන්නේ පාරිතෝෂිකයක් වගේ දෙයක්” යයිද බෙයාර්ස්ටෝ කියයි.

ලකුණු 17 දී  ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අහිමි කරගත් එංගලන්ත පිලට ලකුණු 48 ක් එක්වෙද්දී කඩුලු 4 ක් බිඳ වැටී තිබිණ.


එංගලන්තය - පළමු ඉනිම කඩුලු 6 ට 268 යි
(ජෝ රූට් 13, ඩෑන් ලෝරන්ස් 20, බෙන් ස්ටෝක්ස් 36, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 109, බෙන් ෆෝක්ස් 42, ක්‍රිස් වෝක්ස් නොදැවී 24, කෙමාර් රෝච් 71/2, ජේඩ්න් සීල්ස් 64/2, ජේසන් හෝල්ඩර් 15/2)

- 213

 


අදහස් (0)

බෙයාර්ස්ටෝ එංගලන්තය ගොඩ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.