Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැංකු බැඳුම්කරයකට වැඩි අවධානයක්

බැංකු බැඳුම්කරයකට වැඩි අවධානයක්

ශනුක අරවින්ද - 2015 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන අන්තර්ජාතික ක‍්‍රිකට් තරගවල රූපවාහිනි විකාශන අයිතිය පැවරීමේ ගිවිසුම පිළිබද මේ මස 13 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටු රැස්වීමේදී සාකච්ඡවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය ලබන (ජූනි) මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වන අතර ඊට පෙර, කල්වේලා ඇතිව, රූපවාහිනී අයිතිය පිළිබදව තීරණයක් ගත යුතුව තිබේ.

රූපවාහිනී අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පුවත්පත් දැන්වීම් ඔස්සේ ටෙන්ඩර් කැදවා තිබුණු අතර ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, සී. එස්. එන්. සහ එම්. ටී. වී. යන රූපවාහිනී නාලිකා ටෙන්ඩර් ඉදිරිපත්කර තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්කළ ටෙන්ඩර් කමිටුව පසුගිදා එම ටෙන්ඩර් විවෘත කර ඒ පිළිබ`ද තීරණයකට එළඹීම සඳහා අතුරු කමිටුවට ඉදිරිපත් කර තිබේ.

වාර්තා වන ආකාරයට වසර 3 ක කාලයක් සඳහා ඉදිරිපත් කරන ලද ලංසුවල එකතුව රුපියල් මිලියන 300 කට ආසන්නය. මෙවැනි විශාල මුදලක් සංසරණය වන ගිවිසුමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සැළකිය යුතු කාලයක් අවශ්‍ය වේය යන්න කි‍්‍රකට් නිලධාරීන්ගේ මතයයි.

කිසියම් රූපවාහිනී නාළිකාවක් හා එක`ගතාවක් ඇතිකරගැනීමෙන් පසුව, අදාළ තරගාවලිය ආරම්භ කිරීමට නියමිත දින ගණනකට පෙර ගිවිසුම් මුදලින් 30% ක මුදලක් ගෙවිය යුතුය. තරගාවලිය අතරතුරදී සම්පූර්ණ මුදලින් තවත් 40% ක් ගෙවිය යුතුවන අතර ඉතිරි මුදල තරගාවලිය අවසන්වී නියමිත දින ගණනකදී ගෙවිය කළ යුතුය.

කෙසේ වෙතත් මෙවර රූපවාහිනී අයිතිය පැවරීමේ ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය බැංකු බැදුම්කරයක් පිළිබ`ද දැඩි අවධානය යොමු කර ඇති බවද වාර්තා වේ.

මීට පෙර අවස්ථාවකදී අන්තර්ජාලය හරහා විඩියෝ දර්ශන විකිණීම පිළිබද අයිතිවාසිකම් පැවරීමේ ලංසුව වසරකට ඩොලර් 60,000 ක් දක්වා ඉහළ අගයක තිබුණද එහි බැංකු බැඳුම්කරය ඩොලර් 3,000 ක් තරම් සොච්චමක් වී ඇති බවත් වාර්තා වේ.

මෙම තත්ත්වය අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධානතම ආදායම් මාර්ගය වන රූපවාහිනී විකාශන අයිතිය පැවරීමේදී බැංකු බැඳුම්කරය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ නිලධාරියෙක් පැවසීය.

-048
 

 

 


අදහස් (0)

බැංකු බැඳුම්කරයකට වැඩි අවධානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.