(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බී.ආර්.සී. ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඊයේ (29 වැනිදා) ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 235 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම, තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියේය. සිය කණ්ඩායම ඉනිමක පරාජයකින් ගළවා ගැනීම සඳහා අගනා පිතිහරඹයක නිරත වූ රවිඳු ප්‍රනාන්දු හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 103 ක් රැස්කළේය.
ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 80 ක් රැස්කළේය. බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රවිඳු සහ චන්ද්‍රගුප්ත සමත් වූහ. මොවින් සුබසිංහ බ්ලූම්ෆීල්ඩ් ඉනිම් දෙකේදීම කඩුලු 4 බැගින් දවාගත් අතර මොහොමඩ් සිරාස් පළමු ඉනිමේදී ලකුණු 63 කට කඩුලු 5 ක් බිඳුහෙළුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බී.ආර්.සී. කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ප්‍රමෝද් මධුවන්ත ලකුණු 166 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම හයේ පහර 16 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු රිසිර වීරසූරිය (58), රමින්ද වීජේසූරිය (77) සහ චාමික හීනටිගල (65) බී.ආර්.සී. ඉනිමේදී අර්ධ ශතක ලැබූහ.
බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 475
(රිසිර වීරසූරිය 58, රිසිත් උපමාල් 25, ප්‍රමෝද් මදුවන්ත 166, රමින්ද විජේසූරිය 77, චාමික හීනටිගල 65, යසිරු රොද්‍රගූ 26, දිවිඳු තිලකරත්න 58/3, සහන් නානායක්කාර 45/2, ජෙෆ්රි වැන්ඩසේ 68/2)
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 240
(රොන් චන්ද්‍රගුප්ත 34, ජනිත් ලියනගේ 45, නිපුන් කරුණානායක 71, ජෙෆ්රි වැන්ඩසේ 32, මොහොමඩ් සිරාස් 63/5, මොවින් සුබසිංහ 95/4)
බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 254
(රොන් චන්ද්‍රගුප්ත 80, අසිත වන්නිනායක 24, රවිඳු ප්‍රනාන්දු නොදැවී 103, නිපුන් කරුණානායක 21, මොවින් සුබසිංහ 87/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.