Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලූම්ෆීල්ඞ් නව සභාපති ජයන්ත සෙනෙවිරත්න

බ්ලූම්ෆීල්ඞ් නව සභාපති ජයන්ත සෙනෙවිරත්න

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක් වන බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා ලෙස ජයන්ත සෙනෙවිරත්න මහතා වැඩි ඡන්දයෙන් පත්විය. එම ක‍්‍රීඩා සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා එම ක‍්‍රීඩා සමාජ පරිශ‍්‍රයේදී පැවැත්විණි.  

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ කළමණාකරු වන ජයන්ත සෙනෙවිරත්න මහතා මෙවර නිලවරණයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ජයන්ත ධර්මදාස මහතා පරාජය කළේය. ජයන්ත සෙනෙවිරත්න මහතා ඡන්ද 80 ක් ලබාගත් අතර ජයන්ත ධර්මදාස මහතාට ලබාගත හැකි වූයේ ඡුන්ද 27 ක් පමණි.

උප සභාපති ධූර තුන වෙනුවෙන් සිවුදෙනකු තරග කළ අතර ඒ අතරින් ශ‍්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතා පරාජයට පත්වීමද කැපී පෙනුණි.

ජයන්ත ධර්මදාස පාර්ශවය නියෝජනය කරමින් උප සභාපති ධූරයට තරග කිරීමට නියමිතව සිටි හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයන් වන සනත් ජයසූරිය, ලලිත් කඵපෙරුම සහ ක‍්‍රිකට් ලේකම් ධූරයට තරග කිරීමට නියමිතව සිටි බ්‍රෙන්ඩන් කුරුප්පු යන මහත්වරු අවසන් මොහොතේ තරග කිරීමෙන් අල්ලා අස්වූහ.

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයේ හිටපු සභාපති හිරන්ත පෙරේරා මහතා මෙහිදී අනුශාසකවරයා ලෙස තේරීපත්විය.

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයේ සභාපති ධූරයට හිරන්ත පෙරේරා මහතා නැවතත් තරග කිරීම වැළක්වමින් අධිකරණ නියෝගයක් පැනවීම නිසා ඔහුට තරග කිරීමට නොහැකි විය.

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයේ නව නිලධාරී මඩුල්ල
සභාපති -: ජයන්ත සෙනෙවිරත්න මහතා,
ප‍්‍රධාන ලේකම් -: රොහාන් ද අල්විස් මහතා,
උප සභාපතිවරු (03) -: ගාමිණි හප්පාවන, අෂ්රොෆ් ගානී සහ ජේ. ගාල්ලස්සගේ යන මහත්වරු,
ක‍්‍රිකට් ලේකම් -: බතීෂ ද සිල්වා මහතා,
ක‍්‍රීඩාංගණ ලේකම් :- චින්තක ජයසිංහ මහතා,
ක‍්‍රීඩාගාර ලේකම් -: සුමිත් ෆොන්සේකා මහතා,
ක‍්‍රීඩා සමාජ ලේකම් -: රෝහිට් නාගරාජා මහතා
අනුශාසක :- හිරන්ත පෙරේරා මහතා


අදහස් (0)

බ්ලූම්ෆීල්ඞ් නව සභාපති ජයන්ත සෙනෙවිරත්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.