Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී මධ්‍යම පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 25 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අද (02 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පොළ වික්‍රමභාහූ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙනු පිත්තෙන් දස්කම් දැක්වූ තක්ෂිල නිර්මාල් ශතකය පෙනි පෙනී ලකුණු 97 ක් ලබාසිටියදී දැවී ගිය අතර ශක්ති උදාර, අමිත දාබරේ සහ සම්පත් නිස්සංක කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.
චමිඳු වික්‍රමසිංහ (74) සහ අභිෂේක් ආනන්දකුමාර් (59) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
බස්නාහිර මධ්‍යම - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී ලකුණු 232
(තක්ෂිල නිර්මාල් 97, නිමන් උමේෂ් 38, දිනුක රූපසිංහ 27, චිශාන් හේරත් 39/3, සත්සර නවෝද් 29/2)
මධ්‍යම පළාත - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී ලකුණු 207
(චමිඳු වික්‍රමසිංහ 74, අභිෂේක් ආනන්දකුමාර් 59, ශක්ති උදාර 35/2, අමිත දාබරේ 39/2, සම්පත් නිස්සංක 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.