Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර උතුරට කඩුල්ලක තියුණු ජයක්

බස්නාහිර උතුරට කඩුල්ලක තියුණු ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ඊයේ (25 වැනිදා) සමත්විය. මෙම තරගය වෙන්නප්පුව ඇල්බට් පීරීස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

බස්නාහිර පළාත් උතුර කණ්ඩායම වෙනුවෙන් රවින්ද්‍ර සිල්වා (නොදැවී 51) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර දිනෙත් සමරවීර ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

වයඹ පළාත් - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී ලකුණු 140
(අංජන සිරිරත්න 31, ඉමේෂ දිහාන් 25, දිනෙත් සමරවීර 16/4, දිනෙත් වෙල්ලාලගේ 14/2)

බස්නාහිර උතුර - ඕවර 36.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 144
(රවින්ද්‍ර සිල්වා නොදැවී 51, කාවින්ද ඉශාර 18/3, දනුක නිර්මල 27/2, කනිෂ්ක අසිත 28/2)


අදහස් (0)

බස්නාහිර උතුරට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.