Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බවුන්සර් නිහඬ වෙයි

බවුන්සර් නිහඬ වෙයි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර මේ දිනවල සාජාහිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (සිකුරාදා) දිනය පුරාම එකම බවුන්සර් පන්දුවක් හෝ නොයැවීමට දෙපිලේම වේග පන්දු යවන්නෝ වගබලාගත්හ. එලෙසින්ම කඩුල්ලක් දැවී ගිය අවස්ථාවලදී ඒ වෙනුවෙන් තම සතුට මුදා නොහැරීමටද පන්දු යවන්නෝ පරෙස්සම් වූහ.

පිලිප් හියුස්ගේ අනපේක්‍ෂිත අභාවය නිසා මෙම තරගයේ දෙවැනි දිනය වූ බ‍්‍රහස්පතින්දා එකම පන්දුවක් හෝ නොයවා තරගය දිනයකින් කල් දමන ලදි.
”මේ ශෝක ජනක අවස්ථාවේදී හියුසි වෙනුවෙන් හැගීම් බර වදනක් දෙකක් කියන්නට ඉදිරිපත් වූ සෑම දෙනාටම බොහෝමත් ස්තුතියි”

”අපේ කී‍්‍රඩකයන්ගේ කාමරය ආයෙ කවදාවත් පෙර තිබුණ වගේ එකක් වෙන්නේ නෑ. හියුසි, ඔබ සමාදානයේ සැතපේවා”

 

විස්ඩන් ඒෂියා ඇසුරිනි


අදහස් (3)

බවුන්සර් නිහඬ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.