Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බදුරලිය පිලේ ජයට කාලය හරස් වෙයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

බදුරලිය පිලේ ජයට කාලය හරස් වෙයි

editorial - 2026 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය ඊයේ (1 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹා යමින් සිටි බදුරලිය කණ්ඩායම, තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 111 ක් ලබා, මේරියන්ස් කණ්ඩායමට වඩා ලකුණු 50 ක් පසුපසින් සිටියේය. 

මේරියන්ස් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 244 ට පිළිතුරු වශයෙන් බදුරලිය කණ්ඩායම ලකුණු 290 ක් ලබාගත්තේය. ඒ අනුව ලකුණු 46 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ මේරියන්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 206 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටුවා බදුරලිය කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. 

මේරියන්ස් පළමු ඉනිමේදී සම්මු අෂාන් (101) ද, බදුරලිය පළමු ඉනිමේදී දිල්ෂාන් ද සොයිසා (112) ද ශතක ලබාගත් අතර බදුරලිය කණ්ඩායම වෙනුවෙන් සුමින්ද ලක්ෂාන් ලකුණු 51 කට කඩුලු 5 ක්ද, බුද්ධික සංජීව සහ කේෂර නුවන්ත කඩුලු 4 බැගින්ද බිඳහෙළමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ. 


හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 244 
(උදයවංශ පරාක්‍රම 28, සම්මු අෂාන් 101, කසුන් විඳුර 43, සුමින්ද ලක්ෂාන් 51/5, බුද්ධික සංජීව 87/4) 

බදුරලිය පළමු ඉනිම - සියලු දෙනා දැවී 290 
(විනුර දුල්සර 59, රුමේෂ් බුද්ධික 29, දිල්ෂාන් ද සොයිසා 112, සුමින්ද ලක්ෂාන් 29, නිම්සර අතරගල්ල 54/3, චලන ද සොයිසා 71/3, තික්ෂිල ද සිල්වා 74/3) 

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 206 
(ලසිත් ලක්ෂාන් 32, තනුක දාබරේ 85, තිරිඳු අමරසිංහ 23, තික්ෂිල ද සිල්වා 29, කේෂර නුවන්ත 64/4) 

බදුරලිය දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 111 
(රොෂාන් විජේනායක නොදැවී 57, දිල්ෂාන් ද සොයිසා නොදැවී 53) 

 


අදහස් (0)

බදුරලිය පිලේ ජයට කාලය හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.