Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බණ්ඩාරනායක විදුහල ජය සොයා ඇදෙයි

බණ්ඩාරනායක විදුහල ජය සොයා ඇදෙයි

ශනුක අරවින්ද - 2017 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේයන්ගොඩ බණ්ඩාරනායක සහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 වැනිදා) පැවැත්වෙන සියනෑ කොළ නිල් මහා ක්‍රිකට් තරගයේ ලකුණු 94 ක ජයග්‍රහණයක් හඹායන බණ්ඩාරනායක විදුහල් පිල පස්වරු තේ පානය වනවිට ඕවර 16 කදී කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 58 කි.

ඕවර 50 එක්දින තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගයේ ජයග්‍රහණය සඳහා බණ්ඩාරනායක විදුහලට ඕවර 34 කදී තවත් ලකුණු 36 ක් අවශ්‍ය වී තිබෙන අතර කඩුලු 5ක් ද අතැතිව සිටී.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට හේනේගම විදුහල් පිලේ නායක කවීෂ පිනිමුතු තීරණය කළද, සිය පන්දු යවන්නන්ගෙන් උපරිම දායකත්වය ලබාගනිමින් ප්‍රතිවාදී පිල දැඩි පීඩනයකට හසු කිරීමට බණ්ඩාරනායක විදුහල් පිලේ නායක මලිඳු මානාහරණට හැකිවිය. 

හේනේගම මධ්‍ය මහා විදුහල් පිලේ පිතිකරුවන් අන්දමන්ද කළ පන්දු යැවීමක නිරතවූ බණ්ඩාරනායක පන්දු යවන්නෝ දිවා ආහාරය සඳහා තරගය නවත්වන විට හේනේගම විදුහල් පිල අන්ත අසරණ කරමින් කඩුලු 6 ක්ම ලකුණු 79කට බිඳ දැමීමට සමත්වූ අතර දිවා ආහාරයෙන් පසුව සිය ප්‍රතිවාදී පිල ලකුණු 93 කට සීමා කිරීමට ඔවුහු සමත්වූහ.

හේනේගම මැදි විදුහල - ඕවර 35.1කදී සියලු දෙනා දැවී ලකුණු 93
(මලීෂ කලංසූරිය 19/3) 

බණ්ඩාරනායක විදුහල - ඕවර 16කදී කඩුලු 5ක් දැවී ලකුණු 58
(සජිත් මධුසංඛ 24, ජනිත් මධූෂ 8/2, ශෙහාන් දිනූෂ 18/2)

-077

 


අදහස් (0)

බණ්ඩාරනායක විදුහල ජය සොයා ඇදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.